මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවතට

Published

එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් අද ඉරිදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.