'sextortion' සාමාජිකයන් පිලිපීන අත් අඩංගුවේ

ලිංගිකත්වය හඟවන ක්‍රියාකාරකම් පරිගණක කැමරා ඉදිරියේ කිරීමට පුද්ගලයන් පොලඹවා කප්පම් ගැනීම මෙම කල්ලියේ උපාය වූ බව පොලිසිය පවසයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගිකත්වය හඟවන ක්‍රියාකාරකම් පරිගණක කැමරා ඉදිරියේ කිරීමට පුද්ගලයන් පොලඹවා කප්පම් ගැනීම මෙම කල්ලියේ උපාය වූ බව පොලිසිය පවසයි
Published

ජගත් 'sextortion' ජාලය ලෙස ඔවුන් විග්‍රහකරන කප්පම් කණ්ඩායමේ සාමාජිකයන් පනස් අට දෙනකු අත් අඩංගුවට ගත් බව පිලිපීනයේ පොලිසිය පවසයි.

ලිංගිකත්වය හඟවන ක්‍රියාකාරකම් පරිගණක කැමරා ඉදිරියේ කිරීමට පුද්ගලයන් පොලඹවා එම ඡායාරූප හා රූපරාමු යහළුවන්ට හා නෑදෑයන්ට ඉදිරිපත් කරන බව පවසමින් මෙම කණ්ඩායම් ඔවුන්ගෙන් කප්පම් ගෙන ඇති බවයි, ඉන්ටර්පෝල් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිසිය කියා සිටියේ.

ඒ සඳහා ඔවුන් යොදා ගෙන තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධතාවයන්.

මේ ආකාරයට කප්පම් ගැනීමට තැත් කිරීම හේතුවෙන් පසුගිය වර්ෂයේ ස්කෝට්ලන්ත ජාතික තරුණයෙකු සිය දිවි නසා ගත්තේය.