ඉන්දීය සාගරයේ 'යානයේ කොටස් දෙකක්?'

වටකුරු සහ හතරැස් වස්තු දෙකක් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට දකින්නට ලැබී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, වටකුරු සහ හතරැස් වස්තු දෙකක් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට දකින්නට ලැබී තිබේ
Published

ඉන්දීය සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ කෙරෙන අතුරුදහන්ව තිබෙන මැලේසියානු යානය සෙවීමේ මෙහෙයුමේදී යානයේ සුන්බුන් ලෙස විශ්වාස කෙරෙන කොටස් දක්නට ලැබුණු බව මැලේසියානු බලධාරීහු පවසති.

වටකුරු සහ හතරැස් වස්තු දෙකක් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට දකින්නට ලැබී ඇති බව මැලේසියාවේ ප්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් කියා සිටියේය.

ඉදිරි පැය කිහිපය ඇතුලත එම කොටස් වෙත ළඟාවීමට සිය නාවික හමුදා යානා සමත් වනු ඇති බවට ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් විශ්වාසය පළ කළේය.

අතුරුදහන් මැලේසියානු යානයේ සුන්බුන් හමු වී තිබෙන්නේ දැයි තමා නොදන්නා බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටි අගමැතිවරයා, කෙසේ නමුත් මෑත කාලයේ හටගත් ආන්දෝලනාත්මකම අබිරහසක් ලෙසින් ඔහු විග්‍රහ කළ දේ ඉතා ඉක්මනින්ම විසඳීමට ඉඩ තිබෙන බවද කියා සිටියේය.