ලාහෝරයේ පිපිරීමකින් පනහකට වැඩි පිරිසක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
පාකිස්තානයේ ලාහෝර් නුවර සිදු වූ පිපිරීමකට හසු වී පනස් දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති අතර පුද්ගලයන් ගණනාවක් තුවාල ලබති.
මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් ළමා සතුටු උයනක් ආසන්නයේ දී බෝම්බය පුපුරවා හැර ඇති බවයි පාකිස්තාන පොලිසිය කියා සිටියේ.
පිපිරීම සිදු වන අවස්ථාවේ උයන සහ ඒ අවට ප්‍රදේශය දෙමව්පියන් සහ දරුවන්ගෙන් පිරී තිබූ බවත් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වීමත් සමග තැති ගත් දරුවන් දෙමව්පියන්ගෙන් මඟ හැරී ඒ මේ අත දුව යන ආකාරයත් ඒ මොහොතේ විශාල තෙරපීමක් ඇති වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෙක් කියා සිටියේය.
දරුවන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් රෝහල් වෙත ගෙන ගොස් තිබේ.
බෝම්බ ප්‍රහාරය කවුරුන් විසින් මෙහෙයවා ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.























