ඉන්දීය ධීවරයන් ලාංකික ධීවරයෙකුට පහර දී ඉන්දියාවට රැගෙන යයි
ඉන්දීය ධීවරයන් ලාංකික ධීවරයෙකුට පහර දී ඉන්දියාවට රැගෙන යයි
Published
පලාලි සිට මුහුදු සැතපුම් 15ක් දුරින් අප්‍රේල් 25 ධීවර කටයුතුවල නිරත වී සිටි ලාංකික ධීවරයන් තිදෙනෙකුට ඉන්දීය ධීවරයන් පිරිසක් පහර දී ඉන් එක් අයෙකු ඉන්දියාවට රැගෙන ගොස් තිබේ.
ඉන්දීය ධීවරයින්ගේ පහරකෑමට ලක් වූ ශ්‍රී ලංකික ධීවරයා තමිල් නාඩුවේ, නාගපට්ටනම් රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිදුවීම දැඩිව හෙළා දකින අතර ඒ ගැන ඉන්දීය බලධාරීන්ගෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.



