වසර මිලියන 230ක් පැරණි උරග විශේෂයක් සොයා ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර මිලියන 230ක් පැරණි උරග විශේෂයක් සොයා ගැනේ
වසර මිලියන 230ක් පැරණි උරග විශේෂයක් සොයා ගැනේ

බ්‍රසීලයේ සැන්ටා මාරියා ෆෙඩ්රල් විශ්වවිද්‍යාලයේ (UFSM) පර්යේෂකයන් විසින් වසර මිලියන 230ක් පැරණි උරග විශේෂයක් හඳුනාගෙන තිබේ. පාද හතරක් සහිත, එම ශාකභක්ෂක උරගයා 'රයින්චෝසෝරයන්' ලෙස හැඳින්වෙන කණ්ඩායමකට අයත් වූ අතර එම උරගයාගේ දිග මීටර් 1.2–1.5ක් වූ බවට ඇස්තමේන්තු කර ඇත.

ගිරවෙකුගේ වැනි හොට ශාක කැපීමට සහ මුල් හෑරීමට භාවිත කර තිබේ. පරිණාමික ඥාතීත්ව විශ්ලේෂණයකින් හෙළි වූයේ එම උරගයින් ස්කොට්ලන්තයෙන් හමු වූ එම වයසේ 'රින්කෙසෝර්' උරගයින් සමග ප්‍රබල සමානකම් ඇති බව ය.