'කොළඹ ගමනාගමනය පහසු කරන්න මෙට්‍රෝ බස්' හෙට සිට තවත් මාර්ග 5කට

ඡායාරූප මූලාශ්‍රය, Bimal Rathnayake| Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
කොළඹ නගරයේ තවත් බස් මාර්ග 5ක් සඳහා හෙට (සැප්: 29) සිට මෙට්‍රෝ බස් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එම නව බස් මාර්ග වන්නේ,
1. මිලේනියම් සිටි ➜ කොළඹ කොටුව (22.3 km)
2. කහතුඩුව ➜ පිටකොටුව (35.7 km)
3. දෙමටගොඩ ➜ පානදුර (28.7 km)
4. බත්තරමුල්ල ➜ ඒකල (29.9 km)
5. කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (14 km)
ඒ අනුව, එක් ගමන් මාර්ගයකට බස් රථ 25ක් යෙදවීමට නියමිත අතර, අවශ්‍යතාව අනුව බස් රථ සංඛ්‍යාව ඉහළ නැංවීමට බලාපාරොත්තු වන බව මෙට්‍රෝ ට්‍රාන්සිට් බස් සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කාර්ය බහුල වේලාවන් තුළ මිනිත්තු 15කට වරක් බස් රථ යෙදවීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේ ය.
ජනධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො ඩිපෝවේදී හෙට (සැප්: 29) පෙරවරුවේ මෙම නව බස් සේවා ආරම්භ කිරීමට නියමිත ය.
දැනට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවා දෙකත් සමග මෙට්‍රෝ බස් සේවා ක්‍රියාත්මක බස් මාර්ග සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම මාර්ග ජාලය මගින් කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ අරමුණ වී තිබේ.
සමාගම සතු දැනට ඇති මෙට්‍රො බස් සංඛ්‍යාව 122කි. Urban Luxury යන කාණ්ඩය යටතේ ධාවනය වන මෙම බස් රථයක සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කෙරෙනු ඇත.
"අපේ ප්‍රධාන පරමාර්ථය තමා තනි වාහනයකින් කොළඹට එන පුද්ගලයාව ආකර්ෂණය කර ගැනීම" සභාපතිවරයා සඳහන් කළේ ය.
බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය සක්‍රීය කිරීමට පොලිසිය එකඟ වී ඇති බවත්, ඕනෑ ම මගී බස් රථයකට එම මන්තීරුව ඔස්සේ බස් රථ ධාවනය කිරීමට පහසුකම් සැලසෙනු ඇත.
ඒ අනුව, නියමිත වේලාවට මගීන් අදාළ ගමනාන්තය වෙත යැවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද යූ.පී. තිලකරන්ත සඳහන් කළේ ය.
පෞද්ගලික තනි වාහන භාවිත කර කොළඹට පැමිණීම අඩු කිරීම මගින්, කොළඹට පැමිණෙන වාහන සංඛ්‍යාව අඩු කර ගැනීමෙන් රථවාහන තදබදය අඩු කර ගත හැකි බව ද ඔහු පැවසීය.
අදාළ බස් මාර්ගවල බස් රථ නතර කරන ස්ථාන පහත දැක්වේ.
CM01 - මාකුඹුර සිට පිටකොටුව
- මාකුඹුර
- කොට්ටාව
- පන්නිපිටිය 02
- කළල්ගොඩ හන්දිය
- තලවතුගොඩ
- ඉසුරුපාය
- පාලම් තුන හංදිය
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- සිංගර් මෙගා - කොළඹ 8
- විජේරාම
- නගර ශාලාව
- හෙජස් කෝට්
- මරදාන
- පිටකොටුව
- කොළඹ කොටුව
CM02 - මිලේනියම් සිටි සිට කොළඹ කොටුව
- මිලේනියම් සිටි
- අතුරුගිරිය රෝහල
- අතුරුගිරිය නගරය
- නිසාකෝ සාප්පුව
- හෝකන්දර හන්දිය
- අරංගල හන්දිය
- මාලබේ බස් නැවතුම්පොළ
- තලාහේන හන්දිය
- තලංගම හන්දිය
- කොස්වත්ත
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- බොරැල්ල 02 - YMBA
- ටවුන් හෝල් - විෂන් කෙයාර්
- යුනියන් පෙදෙස
- නවලෝක බස් නැවතුම
- රීගල් සිනමාහල
- කොළඹ කොටුව
CM03 - කඩවත සිට මාකුඹුර
- මාකුඹුර
- කොට්ටාව
- පන්නිපිටිය 01
- මහරගම
- අපේක්ෂා රෝහල් බස් නැවතුම් පොළ 01
- මහරගම කාගිල්ස් ෆුඩ් සිටි
- නාවින්න
- විජේරාම හන්දිය
- නුගේගොඩ 01
- කිරුළපන
- දෙල්කඳ හන්දිය
- නාරාහේන්පිට රෝහල හන්දිය
- යුද හමුදා රෝහල - බොරැල්ල
- බොරැල්ල 02 - YMBA
- කැම්බල් පාර්ක්
- දෙමටගොඩ
- ඔරුගොඩවත්ත
- තොරණ හන්දිය
- කැලණිය විශ්වවිද්‍යාලය
- කිරිබත්ගොඩ
- මහර හන්දිය
- කඩවත
CM04 - දෙමටගොඩ සිට පානදුර දක්වා
- දෙමටගොඩ දුම්රිය ස්ථානය
- බොරැල්ල 02 - YMBA
- බොරැල්ල
- ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩ්
- තුම්මුල්ල හන්දිය
- බම්බලපිටිය
- වැල්ලවත්ත
- විලියම් හන්දිය
- දෙහිවල
- ගල්කිස්ස
- ලලංකා ප්‍රධාන කාර්යාලය අසල
- මැලිබන් හන්දිය
- රත්මලාන ටෙක්
- ගොළුමඩම හන්දිය
- ජර්මන් ටෙක් අඟුලාන
- කටුබැද්ද හන්දිය
- මෙන්ඩිස් පටුමග - රාවතාවත්ත
- මොරටුව
- කොරළවැල්ල
- එගොඩඋයන
- ජයන්ති මාවත නැවතුම්
- පාලම් හන්දිය
- මහානාම හන්දිය
- පානදුර මූලික රෝහල
- පානදුර
CM05 - බත්තරමුල්ල සිට ඒකල
- තලංගම ඩිපෝව
- බත්තරමුල්ල හන්දිය
- සෙත්සිරිපාය
- NAITA
- රාජගිරිය
- කාසල් රෝහල
- බොරැල්ල 02 - YMBA
- කැම්බල් පිටිය
- දෙමටගොඩ
- පෑලියගොඩ (නව කැලණි පාලම)
- පෑලියගොඩ 02
- හේකිත්ත හංදිය
- වත්තල
- හැඳල
- මාබෝල
- මහබාගේ
- කඳාන
- වැලිගම්පිටිය
- ජා-ඇළ
- CTB හන්දිය
- ඒකල
CM06 - කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
- කොල්ලුපිටිය
- ලිබර්ටි බස් නැවතුම
- මහජන පුස්තකාලය
- නගර ශාලාව
- නෙළුම් පොකුණ
- නිදහස් චතුරශ්‍රය
- ජාවත්ත පාර
- ජාවත්ත
- හයිද්‍රාමනි
- VTA / AAT
- නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට්
- හැව්ලොක්
- ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත
- වැල්ලවත්ත
- බම්බලපිටිය
CM08 - කහතුඩුව සිට පිටකොටුව දක්වා
- කහතුඩුව
- කැස්බෑව
- පිළියන්දල බස් නැවතුම්පොළ
- ලංකා ෆයිබර් ෆැක්ටරිය
- වීරසිංහ මාවත
- වේරහැර
- බොරලැස්ගමුව
- රත්තනපිටිය
- පැපිලියාන
- කළුබෝවිල රෝහල අසල නැවතුම
- හැව්ලොක්
- රෝයල් ඉන්ස්ටිටියුට් බස් නැවතුම
- BRC හන්දිය
- තිඹිරිගස්යාය
- තුම්මුල්ල
- කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම
- ටවුන් හෝල්
- ගාමිණී හෝල්
- ලේක් හවුස් බස් නැවතුම
- කොළඹ කොටුව
- පිටකොටුව



































