බයිසිකල් පැදීමෙන් ඉන්දීය කාන්තාවන්ට ලීවීමට, කියවීමට සහ සාර්ථක දිවියකට මග විවර වුණේ කොහොම ද?

A woman wearing saree and cycling towards the camera. She is smiling and looks happy. In the background another woman is learning to cycle with the help of a woman

ඡායාරූප මූලාශ්‍රය, P Sainath/PARI

ඡායාරූප ශීර්ෂ වැකිය, 1990 ගණන්වල ඉන්දියාවේ සාක්ෂරතාව වෙනුවෙන් පැවති උත්සහයන්ට බයිසිකල් පැදීම ශක්තියක් හා උද්යෝගයක් එක් කළේ ය.
    • Author, මුරලිදරන් කාසිවිස්වනාදන්
    • Role, ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, බීබීසී දෙමළ සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"ඉන්දියාව නිදහස් රටක් වුණේ 1947දී වුණාට මට මගේ නිදහස ලැබුණේ 1992දී," 55 හැවිරිදි ජයචිත්‍රා පවසයි. ඇය දකුණු ඉන්දියාවේ රජයේ පාසලක ප්‍රධාන ගුරුවරිය ලෙස සේවය කරයි.

ඇගේ ජීවිතය වෙනස් වූයේ, මීට වසර 33කට පෙර දිස්ත්‍රික් නිලධාරියෙකු විසින් ජාතික සාක්ෂරතා මෙහෙවරට, කුඩා නමුත් වැදගත් වෙනසක් සිදු කළ කාන්තාවන් බයිසිකල් පැදීමට ඉගෙන ගැනීම සඳහා දිරිමත් කිරීමෙන් පසුව ය.

පාපැදියක් පැදීමට ඉගෙන ගැනීමෙන් ඔවුන්ට තනිව ම එහා මෙහා යාමට හැකි වූ නිසා, සාම්ප්‍රදායික ග්‍රාමීය පවුල්වල වඩාත් ස්වාධීන හා නිදහස් වූ කාන්තාවන් 100,000ක් අතරින් ජයචිත්‍රා ද එක් අයෙකි.

90 දශකයේ මුල් භාගයේදී බයිසිකල් පැදීම ඉගෙන ගත් ඇතැම් කාන්තාවන්ට වැදගත් කාර්යාලීය රැකියා ලැබුණු අතර, එමගින් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු වූ නිසා ඔවුන්ගේ දියණියන්ට සහ මිණිබිරියන්ට වඩා හොඳ අවස්ථා නිර්මාණය විය.

Two women in cycle. The woman in the foreground is carrying water pots in the cycle and has kept her small kid in the next to the handle bar

ඡායාරූප මූලාශ්‍රය, Arivoli Iyakkam

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිසිකල් පැදීම තුළින් කාන්තාවන්ට ජලය ගෙන ඒම සහ දරුවන් පාසල් වෙත රැගෙන යාම වැනි දෛනික කාර්යයන්වලදී කාලය ඉතිරි කර ගැනීමට උපකාරී විය

පුරෝගාමී මාවත

1988 දී, සාක්ෂරතාව, සංඛ්‍යාත්මක හැකියාව වැඩිදියුණු කිරීම සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවේ ජාතික සාක්ෂරතා මෙහෙවර දියත් කරන ලදී.

චෙන්නායි සිට කිලෝමීටර් 380ක් පමණ දකුණින් පිහිටි දකුණු ඉන්දියාවේ පුදුක්කෝට්ටෙයි දිස්ත්‍රික්කයේ, මෙම වැඩසටහන "බුද්ධි ව්‍යාපාරය" (Enlightening Movement) ලෙස ප්‍රසිද්ධ විය.

1991 සංගණනයට අනුව, මෙම දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගෙන් අඩකටත් වඩා අඩු පිරිසකට පමණක් කියවීමට හා ලිවීමට හැකි වූ අතර, කාන්තාවන් 270,000ක් පමණ අකුරු නොදැන සිටියහ.

"සාක්ෂරතා මෙහෙයුම පිළිබඳ සාකච්ඡා අතරතුර, මෙම වැඩසටහනෙන් වැඩිපුර ම ප්‍රතිලාභ ලබන්නේ කාන්තාවන් බව පැහැදිලි වුණා," එම රැස්වීමට සහභාගි වූ බුද්ධි ව්‍යාපාරයේ සම්බන්ධීකාරක කන්නම්මාල් සිහිපත් කරයි.

මෙම කාන්තාවන්ට ඉගැන්වීම සඳහා ස්වේච්ඡා සේවකයන් 30,000ක් අවශ්‍ය වනු ඇතැයි සාක්ෂරතා ව්‍යාපාරය ඇස්තමේන්තු කළ අතර, මෙම අභියෝගය පාපැදි වැඩසටහන ආරම්භ කිරීමට හේතු විය.

Sheela Rani Chunkath wearing a green sari is standing in front of half a dozen women cyclists wearing half-sarees.

ඡායාරූප මූලාශ්‍රය, Arivoli Iyakkam

ඡායාරූප ශීර්ෂ වැකිය, දිස්ත්‍රික් ලේකම් ශීලා රාණි චුන්කත් නව පාපැදිකරුවන් පිළිගත් අයුරු
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගැටලුව වූයේ පවුල්වලට මෙම කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීමට කාන්තා ගුරුවරියන් අවශ්‍ය වූ නමුත් තමාගේ ම ප්‍රවාහන ක්‍රමයක් පැවතියේ කාන්තාවන් සුළු ප්‍රමාණයකට පමණක් වීම ය.

"ඒ කාලේ කාන්තාවන්ට පාපැදි හෝ මොපෙඩ් සයිකල් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඔවුන්ට තනිව ම ගමන් යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම හිතුවා ඒ අවස්ථාව නිර්මාණය කරන එක වැදගත් කියලා," මෙම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වන ශීලා රාණි චුන්කත් බීබීසී දෙමළ සේවයට පැවසුවා ය.

"බයිසිකල් පැදීම කාන්තාවන්ට නිදහස පිළිබඳ හැඟීමක් සහ ආත්ම විශ්වාසය පිළිබඳ හැඟීමක් ලබා දුන්නා," චුන්කත් පවසයි.

"සමහර නිලධාරීන් කාන්තා ස්වේච්ඡා සේවකයින් බඳවා ගැනීමට විරුද්ධ වුණා. ඔවුන් කිව්වේ කාන්තාවන්ට දුර බැහැර ගම්මානවලට යා නොහැකියි කියලා, නමුත් දිස්ත්‍රික් ලේකම්වරිය (චුන්කාත්) ඔවුන්ගේ තර්ක ප්‍රතික්ෂේප කළා," කන්නම්මාල් පවසයි.

"කාන්තාවන් තනිව ගමන් යන්න පටන් ගත්තාට පස්සේ ඔවුන්ට තේරුම් ගියා ඔවුන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා," කන්නම්මාල් තවදුරටත් පවසයි. "පිරිමින් ගොඩනගලා තිබුණු බාධක බිඳ දාන්න ඒක ඔවුන්ට හොඳ පාරක් හදලා දුන්නා."

සාර්ථකත්වය ලැබූ කාන්තාවෝ

Jayachithra, wearing a pink sari and holding a pink ladies bicycle, stands in front of a house.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ සාර්ථකත්වයේ වැඩි කොටසක් පාපැදි වැඩසටහනට හිමිවිය යුතු බව ජයචිත්‍රා පවසයි

මෙම ව්‍යාපෘතිය පසුව ගුරුවරුන් සහ ශිෂ්‍යයන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල කාන්තාවන්ට උපකාර විය.

"ඒ කාලේ මම වහලියක් වගේ ජීවත් වුණේ," සාපේක්ෂව හොඳින් අධ්‍යාපනය ලබා සිටි ජයචිත්‍රා සිහිපත් කළා ය. "මගේ තාත්තා මට ජනෙල් ඇරලා එළිය බලන්නවත් ඉඩ දුන්නේ නැහැ."

එකල අවිවාහක කාන්තාවන් බොහෝවිට පිරිමින්ට ඇස ගැටීමෙන් වළක්වා තිබිණි.

"අවුරුදු 10 ඉවර වුණා ම මගේ නෑදෑයෝ මට කිව්වා මහන්න හෝ යතුරුලියනය කරන්න ඉගෙන ගන්න කියලා," ඇය සිහි කරයි. සාමාන්‍යයෙන් එවැනි රැකියා කාන්තාවන්ට ආරක්ෂිත සහ සුදුසු ඒවා ලෙස සලකනු ලැබී ය.

ගණිතයට ලකුණු 99ක් ලබා සිටි ජයචිත්‍රාගේ සිත මෙම යෝජනාවලින් බිඳී ගියේ ය. ජයචිත්‍රාට ගුරුවරියක ලෙස පුහුණුව ලැබීමට මුදල් ගෙවීම සඳහා ඇගේ මව ඇගේ මංගල මාලය උකස් කළා ය.

සාක්ෂරතා මෙහෙයුමේ කොටසක් ලෙස, අසල්වැසි ගමක මුස්ලිම් කාන්තාවන්ට ඉගැන්වීම සඳහා ඇයව තෝරා ගන්නා ලදී.

පයින් එහි යා නොහැකි බව ජයචිත්‍රාට වැටහුණු හෙයින්, පාපැදියක් පැදීමට ඉගෙන ගැනීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා ය.

"මම අඳින්න පුරුදු වෙලා හිටියේ බාග සාරියක් එක්ක දිග සායක්. ඒ කාලේ කාන්තාවන් කවුරුවත් බයිසිකල් පැද්දේ නෑ, මම පිරිමි කෙනෙක්ගේ බයිසිකලයකින් පුරුදු වුණේ," ඇය සිහි කරයි.

කාන්තා බයිසිකලයක් නිර්මාණය කර ඇත්තේ පහළ බාර් එකක් සහිතව වන අතර එමගින් සාරියක් ඇඳ පාපැදිය පැදීම පහසු කරයි. මෙම ආකාරයට වුව ද, ජයචිත්‍රා බයිසිකල් පැදීමට ඉගෙන ගන්නා අතරතුර කිහිප වතාවක් ම සමබරතාව ගිලිහී ඇද වැටිණි. අවසානයේ, ඇය සාර්ථක වූ විට ඇයට දැඩි සතුටක් සහ ආඩම්බරයක් දැනිණි.

"මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා. මට දැනුණේ සමනලයෙක් වගේ. මම පන්තිවලට යන්න හවස් කාලය එනකම් ආසාවෙන් බලාගෙන හිටියා."

"මුලින් ම මගේ තාත්තා ඒකට අවසර දුන්නේ නෑ, පසුව ඔහුගේ හිත වෙනස් වෙලා මට බයිසිකලයක් ගෙනත් දුන්නා. ඒක තමයි මගේ ජීවිතයේ හොඳ ම දවස," ජයචිත්‍රා පවසයි.

Vasantha wearing a red sari with yellow floral design is standing next to her granddaughter who is wearing a blue top. Vasantha has her arm over her granddaughter's shoulder. Both women from rural Tamil Nadu are seen standing in front of shrubs and bushes.
ඡායාරූප ශීර්ෂ වැකිය, වසන්තා අධ්‍යාපනය වැදගත් යැයි විශ්වාස කරන අතර දැන් වෛද්‍යවරියක වීමට ඉගෙන ගන්නා ඇගේ මිණිබිරිය වන නවීනාට සහය වෙමින් සිටියි

මේ වන වයස අවුරුදු පනස් ගණන්වල අගභාගයේ පසුවන වසන්තා, අකුරු නොදන්නා තැනැත්තියක වූ අතර, සියවස් ගණනාවක් තිස්සේ සමාජයේ පීඩාවට ලක්ව සිටි දාලිත් පවුලකින් පැවත එන්නියකි. ඇය තරුණ වියේදී ම විවාහ වූ අතර ඇගේ සැමියා ද අකුරු නොදත් තැනැත්තෙකි.

ඇය ගල් වළක වැඩ කරමින්, අත්මෙවලම් භාවිතයෙන් ගල් කඩමින් සිටියදී, මෙම සාක්ෂරතා ව්‍යාපාරයේ නියෝජිතයන් ඇය වෙත පැමිණ තිබිණි.

මේ කාලය වන විට, බයිසිකල් පැදීම ව්‍යාපෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබූ අතර, සහභාගිවන්නන්ට ද එම කුසලතාව ඉගෙන ගත හැකි විය.

"සාක්ෂරතා ව්‍යාපාරයේ අය අපිට කිව්වා අපි බයිසිකල් පදින්න ඉගෙන ගත්තොත් අපිට බයිසිකල් ගන්න පුළුවන් කියලා," වසන්තා බීබීසීයට පැවසීය.

මුලදී ඇය ලැජ්ජාශීලී වූ නමුත් ඇගේ ගම පුරා පැතිර යන දැඩි උද්‍යෝගයට එරෙහි වීමට ඇයට නොහැකි විය.

"ඒ කාලේ අපේ ගමේ බයිසිකල් තිබුණේ ඉතා සුළු පිරිසකටයි, ඒත් මට එකක් ඉල්ලගෙන ඉගෙන ගන්න පුළුවන් වුණා."

පසුව ඇය තමන්ගේ ම පාපැදියක් මිලඩදී ගැනීමට සමත් වූ අතර, ඇය දිනපතා තම නිවසට ජලය ගෙන ඒමට එය භාවිත කළා ය.

කියවීමට, ලිවීමට සහ ගණන් කිරීමට ඉගෙන ගත් පසු, ඇය තමා වැනි තවත් අධ්‍යාපනය ලබන්නන් තිදෙනෙකු සමග එක් වී, ගල් වළක් බද්දට ලබාගෙන තමන්ගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට පටන් ගත්තා ය.

වසන්තා පවසන්නේ, පාපැදි පුහුණු කිරීමේ වැඩසටහන ඇගේ විශ්වාසය වැඩි කළ බවත්, ඇයට නිදහසක් සහ ගෞරවයක් ලැබුණු බවත් ය. වෛද්‍යවරියක වීමට කැමති ඇගේ මිණිබිරියට ඇය දැන් සහයෝගය දක්වයි.

දීර්ඝ කාලීන උරුමය

A woman trying to pedal up her pink coloured bicycle

ඡායාරූප මූලාශ්‍රය, Arivoli Iyakkam

ඡායාරූප ශීර්ෂ වැකිය, 90 දශකයේ මුල් භාගයේදී පුදුක්කෝට්ටෙයිහි තනිව ගමන් කරන ග්‍රාමීය කාන්තාවන් දැකීම දුර්ලභ විය

අද වන විට පුදුකෝට්ටෙයිහි සෑම ගමක ම පාහේ වසන්තා වැනි කාන්තාවන් දුසිම් ගණනක් සොයා ගත හැකි ය. ඇතැමුන් කුඩා ව්‍යාපාර ආරම්භ කළ අතර බොහෝ කාන්තාවෝ කාලයකට පමණක් ඇති නුපුහුණු කෘෂිකාර්මික රැකියාවලින් කනිෂ්ඨ කාර්යාල රැකියා දක්වා ඉදිරියට ගියහ.

කාන්තාවන්ට තමන්ට ගෙවනු ලබන්නේ බෙහෙවින් අඩු වැටුපක් බව තේරුම් ගැනීමට සාක්ෂරතාව උපකාරී වූ අතර, බොහෝ අවස්ථාවලදී වැටුප් වැඩිවීම් සඳහා සාර්ථකව තර්ක කිරීමට ඔවුන්ට හැකි විය.

බොහෝ ගම්මානවල නිසි මාර්ග පහසුකම් නොතිබූ සහ පොදු ප්‍රවාහන පහසුකම් හොඳින් නොතිබූ කාලයක, නිවසින් පිටත පිරිමි ඥාතීන් මත යැපීමෙන් කාන්තාවන් නිදහස් කළේ බයිසිකල් පැදීම ය.

1992 අගෝස්තු 11 වන දින, පුදුක්කෝට්ටෙයි පූර්ණ සාක්ෂරතාවයෙන් යුත් දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

අද වන විට පුදුකෝට්ටෙයිහි කාන්තාවන් බයිසිකල් පැදීම බහුලව දක්නට ලැබෙන නමුත් ජයචිත්‍රා ඒ අයගෙන් කෙනෙකු නොවේ.

ඇය දැන් ස්කූටරයක් ​​භාවිතා කරන අතර ඇගේ දියණිය මෝටර් රථයක් පවා මිලදී ගෙන ඇත.

"බයිසිකල් පැදීම මම වගේ අයට විශ්වාසයක් ලබා දුන්නා," ජයචිත්‍රා පවසයි. "මට කාගෙවත් මත්තේ යැපීමට අවශ්‍ය නැති බව එයින් මට වැටහුණා."

Jayachithra wearing a pink colour sari in her neighbourhood on a pink scooter.