උණට බෙහෙත් ගන්න ගිය ‘මේ දරුවන්ට HIV ආසාදනය කළේ’ කවුද?

උණට බෙහෙත් ගන්න ගිය ‘මේ දරුවන්ට HIV ආසාදනය කළේ’ කවුද?
Published

BBC Eye විසින් සිදු කරන ලද ගවේෂණයකින්, පකිස්ථානයේ රජයේ රෝහලක ළමා වාට්ටුවේ සිදුව ඇති බරපතළ අක්‍රමිකතා අනාවරණය විය.

2025 වසරේ, ටවුන්සාහි THQ රෝහලේ ළමුන් අතර HIV ආසාදනය වීමක් මෙමගින් අනාවරණය කර ඇත.

පකිස්ථාන බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර ඇති නමුත්, වසරකට වැඩි කාලයකට පසුවත්, සිරින්ජර් නැවත නැවත භාවිත කරමින්, තවමත් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන බව, BBC Eye අනාවරණය කළේ ය.