9/11 ප්‍රහාරය ඔබට මතක ඇති ආකාරය නිවැරදි ද?
9/11 ප්‍රහාරය ඔබට මතක ඇති ආකාරය නිවැරදි ද?
Published
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාර ගැන පළමුවෙන් ම ඇසූ අවස්ථාවේ අප සිටියේ කොතැන ද යන්න අප බොහෝ දෙනෙකුට ඉතා පැහැදිලිව මතක ය. මෙවැනි සජීවී මතකයන් ලෝකයේ අනෙකුත් ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් ද වාර්තා වී ඇත.
ඒවා 'ෆ්ලෑෂ්බල්බ් මතකයන්' (flashbulb memories) ලෙස හැඳින්වෙන අතර, ඉතා නිවැරදි බවක් දැනුණත් පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ ඒවා ද වෙනත් ඕනෑ ම මතකයක් මෙන් විශ්වාස කළ නොහැකි විය හැකි බවයි.
එසේ නම්, අපි මේ මතකයන් කෙරෙහි මෙතරම් දැඩි විශ්වාසයක් තබන්නේ ඇයි? තව ද, යම් දෙයක් වැරදි ලෙස මතක තබා ගැනීමෙන් අපට යම් වාසියක් ලැබිය හැකි ද?









