ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ සිට ක්‍රියාත්මක වන එක්සත් රාජධානියට බලපෑම් කරන සමාජ මාධ්‍ය ගිණුම් ගැන අනාවරණයක්

A composite image showing stills from three videos on the "Great British People" Facebook page, with one showing a man in a read coat walking along Regent Street with Union Flags in the background, asking about "the overwhelming scale of mass immigration". A second video shows a pensioner looking distressed as he discusses his income, despite having "paid in for decades". A third shows a man in a dark suit holding a microphone with Union Flags in the background, asking "do you miss the Britain we used to know?"
ඡායාරූප ශීර්ෂ වැකිය, "Great British People" ෆේස්බුක් පිටුව සංක්‍රමණ සහ පරිහානිය යන තේමාවන් ඉදිරිපත් කරයි
    • Author, මරියානා ස්ප්‍රිං
    • Role, සමාජ මාධ්‍ය විමර්ශන වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

යෝර්ක්ෂයර් සිට යනුවෙන් අදහස් කෙරෙන "Great British People" ෆේස්බුක් පිටුවේ, වැඩිහිටි සුදු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු තම විශ්‍රාම වැටුප ගැන පවසමින් හඬමින් සිටින නවතම වීඩියෝව සඳහා නැරඹුම් වාර මිලියන 1.3ක් ලැබී තිබේ. අනෙකුත් වීඩියෝවල වාර්තාකරුවන් "සමූහ සංක්‍රමණයේ අතිමහත් විශාලත්වය" ගැන සාකච්ඡා කරන අතර "අපි කලින් දැන සිටි බ්‍රිතාන්‍යය" නැති වෙමින් පවතිනවා දැයි නරඹන්නන්ගෙන් අසන ආකාරය පෙන්වයි.

නමුත් මෙම වීඩියෝව නිර්මාණය කළ පුද්ගලයා එක්සත් රාජධානිය ගැන කිසිවක් දන්නේ ද? යන්න පැහැදිලි නැත: මෙම ගිණුම සැබවින් ම හසුරුවන්නේ, ශ්‍රී ලංකාවේ වෙසෙන අයෙකි.

BBC Panorama සහ Top Comment පොඩ්කාස්ට් වැඩසටහන මගින් හඳුනාගෙන ඇති, එකිනෙකට සම්බන්ධ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දුසිම් ගණනක් අතරින් මෙය එකකි. මෙම ගිණුම් එක්සත් රාජධානිය පිළිබඳ සංක්‍රමණ-විරෝධී කෘත්‍රිම බුද්ධිය (AI) ඇසුරින් නිර්මාණය කළ සටහන් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් වෙත බෙදා හරින නමුත්, ඒවා නිර්මාණය කරන්නෝ බොහෝවිට සැතපුම් සිය ගණනක් හෝ දහස් ගණනක් ඈතින් වාසය කරති.

ෆේස්බුක්හි විනිවිදභාවය පිළිබඳ මෙවලම්, අන්තර්ගතවල නිර්මාණකරුවන් සමග සම්මුඛ සාකච්ඡා සහ ඔවුන් අනුගමනය කරන අක්ෂර වින්‍යාසය සහ ගිණුම් වැනි සමාජ මාධ්‍යවල වෙනත් කථන සංඥාවලින් ලැබෙන තොරතුරුවලට අනුව, මෙම ගිණුම් හසුරුවන බොහෝ පිරිසක් ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ යුරෝපයේ වෙනත් ස්ථානවල සිට ක්‍රියාත්මක වන පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් වියට්නාමය සහ මාලදිවයින හෝ ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන පිරිස් වෙති.

එක් විශේෂඥයෙකු බීබීසී පුවත් සේවය වෙත පැවසුවේ, ඔවුන් සිතනවාට වඩා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ නිර්මාණ හඳුනා ගැනීමට ජනතාව අපොහොසත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙන බව සහ මිනිසුන් බොහෝ සෙයින් AI අන්තර්ගතයන් නිතර නිතර දකිනවිට, ඔවුන් සැබෑ සහ විශ්වාසදායක තොරතුරු පවා ප්‍රතික්ෂේප කිරීමට ඇති ඉඩකඩ වැඩි බව ය.

අගනුවර පරිහානියට පත්ව ඇති බව පෙන්වා දෙන, AI මගින් ජනනය කරන ලද ඡායාරූප මගින් විදේශ රටවලදී නගරයේ කීර්ති නාමයට හානි කරන බව පවසන ලන්ඩන් නගරාධිපති ශ්‍රීමත් සාදික් ඛාන්, ඒ පිළිබඳව පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඔහු පවසන්නේ, එම ගිණුම් පිටුපස සිටින ඇතැම් පුද්ගලයින් හුදෙක් මුදල් සෙවීම සඳහා පෙළඹී සිටින අතර අනෙක් පිරිස රුසියාව සහ ඉරානය වැනි සතුරු රාජ්‍යයන්ගෙන් සහය ලබන බව ය.

ඍජු රාජ්‍ය මැදිහත්වීම පිළිබඳ ප්‍රකාශ සත්‍යාපනය කිරීම දුෂ්කර නමුත් ගිණුම් කිහිපයක් රුසියානු සහ ඉරාන රජය කෙරෙහි අනුකම්පාසහගත පළ කිරීම් සිදුකෙරේ. ඔවුන් සම්බන්ධ කර ගැනීමට බීබීසී පුවත් සේවය දැරූ උත්සහයට ගිණුම් හිමිකරුවන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

සම්බන්ධතා වැඩි කර ගැනීම සඳහා බව පෙනෙන ලෙස, ගිණුම් කිහිපයක් තම පිටු නැවත භාවිතයට ගෙන ඇත. ඒවා "Make America Great Again" සහ "Life in the USA" වැනි මාතෘකාවලින් ඉවත්ව, කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් සංක්‍රමණ විරෝධී කතන්දර ප්‍රචාරය කිරීමට මාරු වී ඇත. එම ගිණුම් අතරින් කිහිපයක්, ඇතැම් අවස්ථාවලදී, සංක්‍රමණිකයන්ට වඩා සංවේදී වන අන්තර්ගතයන් සමග ද අත්හදාබැලීම් කර ඇති බව පෙනේ.

රටවල් සහ අනෙකුත් කණ්ඩායම් මෙවැනි ව්‍යාජ AI ගිණුම් සමග මහජන මතය හැසිරවීමට උත්සහ කරන බව පෙන්වා දුන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සැන්ඩර් වැන් ඩර් ලින්ඩන් ඒවා "බලපෑම් කිරීමේ මෙහෙයුම්වල නව පරිණාමය" ලෙස විස්තර කළේ ය.

මූලිකව එක්සත් රාජධානිය තුළ ආරම්භ කරන ලද සමාජ මාධ්‍ය ගිණුම් මිල දී ගැනීම සාපේක්ෂව ලාභදායී වීම නිසා විදේශ රටවල වෙසෙන AI ව්‍යාජ නිර්මාණකරුවන්ට ඉන්ටර්නෙට් ඔස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ලෙස පෙනී සිටීම පහසු බව ඔහු පවසයි.

A composite graphic shows a hand holding a phone with an AI-generated image of a man in traditional Islamic clothing, including a red-and-white headdress, addressing the UK Parliament, with several others in similar clothing sitting on the green benches. The video has a caption saying "UK Sharia Law".
ඡායාරූප ශීර්ෂ වැකිය, AI මගින් උත්පාදනය කරන ලද වීඩියෝ එක්සත් රාජධානියේ පිරිහීම සහ ඇතැම්විට මුස්ලිම්වරුන්ගේ ග්‍රහණයට නතුවීම පිළිබඳ ඇඟවීමක් කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාර්ලිමේන්තුව (House of Commons) සාම්ප්‍රදායික අරාබි ඇඳුමින් සැරසුණු පිරිමින්ගෙන් පිරී පවතින සහ ශරියා නීතිය පනවනු ලබන ආකාරය වැනි ව්‍යාජ දර්ශන ඇතුළත් AI මගින් නිර්මාණය කළ වීඩියෝ හරහා මෙම ගිණුම් ලක්ෂ සංඛ්‍යාත නැරඹුම් වාර සංඛ්‍යාවක් ‍රැස් කර ගනිමින් පවතී.

අනෙක් ඒවා මගින් එක්සත් රාජධානිය මීට වඩා ඉස්ලාමීය විය යුතු ආකාරය සාකච්ඡා කරමින් සිටින හිජාබ් පැළඳ සිටින කාන්තාවන්ගේ ව්‍යාජ සම්මුඛ සාකච්ඡා, වීඩියෝ මගින් පෙන්නුම් කරයි.

මෙම වීඩියෝ මගින් නිර්මාණය කරන එක්සත් රාජධානියේ ප්‍රතිරූපය පරස්පර විරෝධී විය හැකි ය. පුළුල් ලෙස බෙදා හැර ඇති ඇතැම් අන්තර්ගතයන් තුළ මෙම පිරිහීම මුස්ලිම් සංක්‍රමණ සමග සම්බන්ධ කර ඇති අතර, ඒ සමග ම එම නිර්මාණකරුවන්ගේ ම තවත් වීඩියෝ කිහිපයක් මගින් සංසන්දය කරමින් පෙන්වා දෙන්නේ, ඉස්ලාමීය රටවල් සුන්දර බව ය.

මෙවැනි අන්තර්ගතයන් ප්‍රදර්ශනය කරමින් මිලියන 20කට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන ඇති ගිණුමක් මෙහෙයවන බව පැවසූ පුද්ගලයන් දෙදෙනෙකු සමග අපි සාකච්ඡා කළෙමු. 2050 වර්ෂයේදී බ්‍රිතාන්‍ය නගර කිහිපයක් හරහා මිනිසුන් ඇවිද යන ආකාරය කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කර තිබෙන වීඩියෝ මෙම ගිණුම් මගින් පෙන්නුම් කරයි.

ලිවර්පූල්, ලන්ඩන්, බර්මිංහැම් සහ එංගලන්තයේ නමක් සඳහන් නොකළ ස්ථාන අපිරිසිදු ලෙස කුණු කසළවලින් පිරී ඇති අතර, සාම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුමින් සහ හිජාබයෙන් සැරසුණු ජනතාව වීදි දෙපස පේළි ගැසී සිටින අයුරු ඒවායෙහි දැක්වේ. වෙළෙඳසල්වල 'හලාල්' යනුවෙන් ලියා ඇති අතර, අරාබි අකුරුවලට සමාන හැඩතල සහිත කොඩි වැල් ද දක්නට ලැබේ. ගිනිගැනීම් සහ අවුල්සහගත තත්ත්වයන් ද එහි පෙනෙන්නට ඇත.

නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩී.සී. වැනි විදේශීය නගර මෙන් ම ඇතැම් යුරෝපීය රටවල අගනුවර ද ඒ හා සමාන ආකාරයකින් නිරූපණය කෙරේ.

ඔවුන්ගේ අන්තර්ගතයන් සමාජයීය වශයෙන් බෙදීම් ඇති කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව අභියෝග කරමින් එවැනි නිර්මාණකරුවන් පැවසුවේ: "අපගේ අන්තර්ගතයට පැහැදිලි අරමුණක් තිබෙනවා: වත්මන් සමාජීය සහ සංස්කෘතික ප්‍රවණතා අඛණ්ඩව පැවතුණහොත් ඉදිරි දශක කිහිපය තුළ සිදුවිය හැකි යැයි අප විශ්වාස කරන දේ පිළිබඳව ජනතාව සහ ඡන්දදායකයන් දැනුවත් කිරීම අපගේ අරමුණ යි."

සිය වීඩියෝවල නිරූපණය කරන නගරවලින් සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ස්ථානයක සිටින බව ප්‍රකාශ කළ ඔවුහු, "අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීමක් වඩාත් කැපී පෙනෙන ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති" යුරෝපීය රටක සිට තමන් ක්‍රියාත්මක වන බව ද අනාවරණය කළහ.

"දේශපාලන සහ සංස්කෘතික විකාශනය පිළිබඳ සිතුවිලි සහ සංවාද උද්දීපනය කිරීම" සඳහා බව කියමින්, ඉරානය වැනි රටවල් ආදර්ශ ලෙස පෙන්වන බව ඔවුහු සඳහන් කළහ.

A composite image showing three stills from AI-generated videos, with one showing "London in 2050" with Big Ben in the background and women in hijabs selling goods from blankets on what appears to be Westminster Bridge, while a market stall in the background has a sign reading "Halal". Another labelled "Palace of Westminster" shows people in Islamic dress on a boat carrying fruit on the Thames near Parliament, while rubbish bobs on the river. A third labelled "Visiting London in 2050 with your friends" shows a group of white people gathered by the river with Tower Bridge in the background, surrounded by people in Islamic dress, camels, goats and people huddled near tents.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක් ෆේස්බුක් ගිණුමක් AI-නිර්මාණ හරහා අනාගතයේදී ලන්ඩනයේ පරිහානිය පිළිබඳ අදහස් සමාජගත කරයි

සමාජ මාධ්‍ය සම්බන්ධතාවලින් ලැබෙන මුදල්වලින් අභිප්‍රේරණය වී ඇති බව පැවසීම ඔවුන් දෙදෙනා ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් එම ගිණුමෙන් මුදල් ඉපැයීමක් (monetise) නොකරන බව පැවසූහ. තම අන්තර්ගතයට සහය දක්වන "විවිධ දේශපාලනඥයන්" සමග තමන් සම්බන්ධතා පවත්වන බව ඔවුන් ප්‍රකාශ කළ ද, එම පුද්ගලයන්ගේ නම් හෙළි කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

ලන්ඩනයේ City Hall මගින් සිදු කළ පර්යේෂණයක් මගින් පසුගිය වසර දෙක තුළ මෙවැනි සමාජ මාධ්‍ය සටහන්වල ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව සොයා ගෙන ඇති අතර ප්‍රධාන අරමුණු දෙකක් ද හඳුනාගෙන ඇත.

"රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන ක්‍රියාකාරීන් ඉන්නවා," ලන්ඩන් නගරාධිපති ශ්‍රීමත් සාදික් ඛාන් බීබීසී පුවත් සේවයට පැවසීය. ඔහු පැවසුවේ, රුසියානු සහ චීන ක්‍රියාකාරකම් මෙන් ම එක්සත් ජනපදයේ Make America Great Again (MAGA) ව්‍යාපාරයේ "දැඩි දක්ෂිණාංශික" ආධාරකරුවන් පිළිබඳ සාක්ෂි ඔවුන් දැක ඇති බව ය.

"දෙවනුව, බෙදීමක් ඇති කිරීමෙන් මුදල් උපයා ගැනීමට සහ ලාභ උපයා ගැනීමට උත්සහ කරන පුද්ගලයින් සහ සමාගම් අපි දැක තිබෙනවා." නගරය අභියෝග සඳහා මුහුණ දෙන බව ඔහු පිළිගත්තේ ය. නමුත් ඔහු පැවසුවේ, මෙවැනි ''කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කළ ව්‍යාජ දෑ'' ඇතැම් අමුත්තන්, විදේශීය සිසුන් හෝ ආයෝජකයින් පසුබට කරමින් සැබෑ බලපෑමක් ඇති කර තිබූ බව ය.

"මට තියෙන කනගාටුව තමයි, යහපත් මිනිස්සු මේ බොරු විශ්වාස කරන එක. ලන්ඩනය පහළට වැටෙමින් පවතින, අනාරක්ෂිත නගරයක් බවත්, නීතියක් ක්‍රමවේදයක් නොමැති බවත් කියන මේ පීඩාකාරී මවාපෑම් ඔවුන් විශ්වාස කරන එක කනගාටුවට කරුණක්," ඔහු පැවසීය.

"ප්‍රශ්න සහ බෙදීම් ඇති කරන දේවලට ප්‍රමුඛතාව නොදෙන ලෙස ඔවුන්ගේ ඇල්ගොරිදම (algorithms) සංශෝධනය කිරීම" සහ AI අන්තර්ගතය පැහැදිලිව ලේබල් කිරීම ඇතුළුව මෙවැනි වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමට සමාජ මාධ්‍ය සමාගම් වැඩි යමක් කළ යුතු බව ශ්‍රීමත් සාදික් ඛාන් පැවසීය.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම ප්‍රකාශ කළේ, එම සමාගම "සංවිධානාත්මක ව්‍යාජ හැසිරීම් බරපතළ ලෙස සලකන" බවත්, "මෙවැනි ක්‍රියාකාරකම් හඳුනා ගැනීමට සහ ඒවා අකර්මණ්‍ය කිරීමට විශේෂ ගෝලීය කණ්ඩායම් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින" බවත් ය.

"කෘත්‍රිම බුද්ධියෙන් හෝ පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද්දක් වුව ද, අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන ඕනෑ ම අන්තර්ගතයකට හෝ ගිණුමකට එරෙහිව අපි පියවර ගන්නවා," යනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

Sadiq Khan, wearing a suit, speaks to the media ahead of the open Iftar in Trafalgar Square on 8 April 2024 in London.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් නගරාධිපති ශ්‍රීමත් සාදික් ඛාන් පවසන්නේ, "AI විසින් ජනනය කරන ලද බොරු" සැබෑ බලපෑමක් ඇති කරන බව ය

2050 වර්ෂය පිළිබඳ වීඩියෝ ප්‍රචාරය කිරීමට හෝ ඒවා සමග සම්බන්ධ වීමට දායක වූ ගිණුම් කිහිපයක් පිටුපස සිටින පුද්ගලයන් සමග ද අප සාකච්ඡා කළ අතර, ඒවායින් ඇතැම් ඒවා ක්ලික් කිරීම් සහ ලාභයෙන් අභිප්‍රේරණය වී ඇති බවට City Hall නිගමනයෙන් සනාථ විය.

"මම වැඩිපුර ම පෝස්ට් පළ කරන්නේ මගේ අනුගාමිකයින් සහ මුදල් වැඩි කරන සබැඳි සඳහා ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා යි," ඔවුන්ගේ වීඩියෝ නරඹන්නන්ට පෙන්වන දැන්වීම් මත පදනම්ව Instagramහි මුදල් ඉපැයීමේ යෝජනා ක්‍රමය හරහා ආදායම් ලබන්නෙක් පැවසීය.

තවත් අයෙකු පැවසුවේ, ඔවුන් "සමාන ගැටලුවලට එරෙහිව හඬ නගන" ගිණුම් සමග සම්බන්ධ වී කටයුතු කරන නමුත්, තම ඉන්ටර්නෙට් ක්‍රියාකාරකම් "කිසිසේත් ම දේශපාලනික අරමුණක් සහිත එකක් නොවන" බව ය. ඒ වෙනුවට, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ, "හැකි උපරිම අවධානයක් ලබා ගැනීම" සඳහා අනෙකුත් ගිණුම් ලවා තම අන්තර්ගතයන් ප්‍රචාරය කරවා ගැනීම ය.

කෙසේ වෙතත්, මෙයට සමාන අන්තර්ගතයන් සහිත ගිණුම් පවත්වාගෙන යන "ව්‍යාජ" බ්‍රිතාන්‍ය දේශප්‍රේමීන් සමග සම්බන්ධ වී අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරන ඇතැම් පුද්ගලයින් එක්සත් රාජධානියේ පදිංචිකරුවෝ වෙති.

බ්‍රිතාන්‍යයේ "පැරණි ශ්‍රේෂ්ඨත්වය නැවත ඇති කිරීම" ගැන සටහන් තබන, බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ සිට profile එකක් පවත්වාගෙන යන එක් පුද්ගලයෙකු අපට පැවසුවේ, එක ම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා තමන් අනෙකුත් ගිණුම් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ය. ඔවුන් සතුව ඉන්ස්ටග්‍රෑම්හි තොරතුරු හුවමාරු සමූහයක් පවතින අතර, එහිදී ඔවුන්ට පළ කළ යුත්තේ කුමක් ද? සහ එය කළ යුත්තේ කවදා ද? යන්න තීරණය කළ හැකි බව ඔහු පැවසුවේ ය.

ඔවුන් සමග කටයුතු කරන ගිණුම් ඉන්දියාව, පකිස්ථානය සහ සිංගප්පූරුව මෙන් ම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල පදනම් වී ඇති බව ඔහු පැවසීය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වැන් ඩර් ලින්ඩන් පැවසුවේ, සාමාන්‍යයෙන් AI අන්තර්ගතයන් සහ බොට්ස් වෙත පිරිස් ආකර්ෂණය කර ගන්නා ස්වයංක්‍රීය ගිණුම් භාවිත කරමින්, "යම් දේශපාලන න්‍යාය පත්‍රයකට සහයෝගය ලබා ගැනීම සඳහා සාමාන්‍ය පුරවැසියන් ලෙස පෙනී සිටින මුදල් ගෙවන ලද පෙනී සිටින්නන් සහ බලපෑම් කරන්නන්" සමගින් මෙම "කුලියට වැරදි තොරතුරු සපයන කර්මාන්තය" වර්ධනය වෙමින් පවතින බව ය.

ඩීප්ෆේක් විශ්වාසය මත ඇති කරන බලපෑම පිළිබඳව අධ්‍යයනය කර ඇති, බෙල්ෆාස්ට් ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්ය ඉවෝන් මැක්ඩර්මොට් රීස් පැවසුවේ, මහජනතාවට මෙවැනි ව්‍යාජ නිර්මාණ හඳුනා ගැනීමට ඇති හැකියාව 55%ක පමණ නිරවද්‍යතා මට්ටමක පවතින බව පර්යේෂණය යෝජනා කරන බව ය.

Yvonne McDermott Rees, wearing a red wool jumper, smiles as she speaks to the BBC.
ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ඉවොන් මැක්ඩර්මොට් රීස් පවසන්නේ, මිනිසුන් ඔවුන් විශ්වාස කරන තරම් ව්‍යාජ දේ හඳුනා ගැනීමට දක්ෂ නොවන බව ය.

මිනිසුන් සාමාන්‍යයෙන් ව්‍යාජ නිර්මාණ හඳුනා ගැනීමට තමන්ට ඇති සැබෑ හැකියාවට වඩා වැඩි හැකියාවක් තමන් සතු බව සිතා සිටින බව ඉන් යෝජනා කරන බව ද ඇය පැවසුවා ය.

AI-ජනනය කරන ලද වීඩියෝ පිළිබඳ අදහස්වලින් පෙනී යන්නේ, ඇතැම් සැබෑ පුද්ගලයින් පිළිගැනීමට ලක්වන බව ය. එක් කාන්තාවක "ඉදිරියට යන්න" යැයි පැවසූ අතර තවත් කාන්තාවක් "කිසි විටෙකත් පසුපසට නොයන්න. නැගී සිට ඔබ කළ යුතු දේ කරන්න" යනුවෙන් පැවසුවේ, සංක්‍රමණිකයන් ගෙන එන "බෝට්ටු නවත්වන්න" යන විරෝධතාවකට පිරිමියෙකු සහභාගී වන බව පෙන්වන AI-ජනනය කරන ලද වීඩියෝවකට ප්‍රතිචාර වශයෙනි.

මෙම වීඩියෝව "Britain Today" ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අතර, මෙටාහි විනිවිදභාවය පිළිබඳ මෙවලම්වලට අනුව එය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නකි.

''මිනිසුන් වැඩි වශයෙන් AI අන්තර්ගතයන් දකින විට ඔවුන්ට සත්‍යය සහ ප්‍රබන්ධ අතර වෙනස හඳුනා ගැනීමට ඇති හැකියාව අඩු වෙනවා, ඊටපසු ඔවුන් සැබෑ අන්තර්ගතයන් පවා අවිශ්වාස කිරීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා," මැක්ඩර්මොට් රීස් පැවසීය.

"සැබෑ දේ සහ එලෙස නොමැති දේ සොයා ගැනීමට උත්සහ කිරීම සාමාන්‍ය පුද්ගලයා මත පැටවිය යුතු නැහැ," නමුත් මහාචාර්ය වැන් ඩර් ලින්ඩන් අනතුරු ඇඟවූයේ, යම් අන්තර්ගතයක් නිර්මාණය කර ඇත්තේ කෘත්‍රිම බුද්ධියෙන් ද එලෙස නොවන්නේ ද පිළිබඳ බොහෝ දෙනෙකුට වැදගත් නොවන බව පර්යේෂණය මගින් යෝජනා කරන බව ය.

යමෙකු විශ්වාස කරන දෙයට සහ ඔවුන් ලෝකය දකින ආකාරයට අන්තර්ගතය ගැළපේ නම්, ඔවුන් එයට සහය දී එය බෙදා ගනී. මෙයට හේතුව ඔවුන් විශාල සැලැස්මකට එකඟ වන බව පෙන්නුම් කරන බැවිනි," ඔහු පැවසීය.

"Great British People" ෆේස්බුක් පිටුවේ එක් විචාරකයෙකු පැවසූ පරිදි: "එය බොහෝවිට AI වෙන්න පුළුවන්, නමුත් කාරණය නම් ඔහු පවසන සෑම දෙයක් ම නිවැරදි වීම යි".