ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානය: 'බට්ටි' සහ හර්ෂිතා ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයට රැගෙන යති
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට ඊයේ (සැප්: 06) සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඒ, බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගනිමිනි.
මේ වන විට, A කාණ්ඩයෙන් ඉන්දියාවත්, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවත් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව, බොහෝවිට ශ්‍රී ලංකාව සමග අර්ධ අවසන් තරගයේදී පකිස්ථාන කණ්ඩායම සමග තරග වදිනු ඇත.
බංග්ලාදේශයට එරෙහිව ලැබූ තියුණු ජයග්‍රහණය
තරගාවලියේ 10 වන තරගය ලෙස ඊයේ ඩුබායිහිදී බංග්ලාදේශය සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළේ ය.
සොබානා මොස්තාරි ලකුණු 34ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා ය.
ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ද එය පහසු ඉලක්කයක් නොවී ය.
නායක චමරි අතපත්තු එක් ලකුණක් ලබා සිටියදී දැවී ගිය අතර, මුල් පෙළ ශ්‍රී ලංකා පිතිකාරියන් සාර්ථක වූයේ නැත.
කඩුලු 3ක් බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් සහ කෞෂි නුත්‍යාංගනා නොදැවී ලකුණු 11ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට සහය වූහ.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර, තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද නම් කෙරිණි.
තරගාවලියේ අර්ධ අවසන් තරග සැප්තැම්බර් 10 සහ 11 දෙදින පැවැත්වීමට නියමිත ය.