සංක්‍රමණිකයන් 800 ඉන්දුනීසියානු වෙරළට ලඟා වෙති

Published
ධීවරයන් විසින් බේරා ගැනීමෙන් පසු අටසියයක් පමණ වන නීති විරෝධී සංක්‍රමණිකයන් කණ්ඩායමක් ඉන්දුනීසියානු වෙරළ තීරයට ලඟාවෙ වෙති.
තවත් සිය ගණන් පිරිස් මේ අතර බරපතළ මානවීය අර්බුදයකට මැදිවී මුහුදේ අතරමංවී සිටිති.
තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල් එම සංක්‍රමණිකයන් බාර ගැනීමට අකමැත්ත පල කිරීමත් සමඟයි මේ තත්වය හට ගත්තේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දිළිඳුකම සහ බලධාරීන් විසින් සිදු කරන වධ හිංසා හමුවේයි ඔවුන් මෙසේ පලා යමින් සිටින්නේ.
බංග්ලාදේශ් ජාතිකයන්, සහ මියන්මාරයේ රෝහින්ග්‍යයා මුස්ලිම් වැසියන් මේ අතර සිටිති.
තායිලන්තය විසින් එරට මිනිස් ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම හේතුවෙන් නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කරන්නෝ සංක්‍රමණිකයන් අතරමඟ දමා යාමට පෙළඹී සිටිති.




















