වඳ සැත්කම වැරදී ඉන්දීය කතුන් දහතුනක් මරුට

රජය මගින් පවත් වූ වන්ධ්‍යාකරණ සයනයක දී ය මෙය සිදු වී ඇත්තේ

ඡායාරූප මූලාශ්‍රය, Alok Putul

ඡායාරූප ශීර්ෂ වැකිය, රජය මගින් පවත් වූ වන්ධ්‍යාකරණ සයනයක දී ය මෙය සිදු වී ඇත්තේ
Published

වන්ධ්‍යකරණ සැත්කමකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයට පත්වීමෙන් පසු මිය ගිය බව ඉන්දියානු නිලධාරීහු පවසති.

මේ අනුව මේ දක්වා මෙම වඳ සැත්කම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව දහතුන දක්වා ඉහල නැංවෙයි.

නැගෙනහිර ඉන්දියාවේ චතිශ්ගාර් ප්‍රාන්තයේ රෝහල් වල දී කාන්තාවන් පනස් දෙනෙකු පමණ මෙම වඳ සැත්කමට භාජනය වී ඇති අතර ඔවුන් අතරින් වැඩි දෙනෙක් ඉතා අසාධ්‍ය තත්වයට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

සෙනසුරාදා රජය මගින් පවත්වන ලද සායනය ක දී දොස්තරවරයෙක් සහ ඔහුගේ සහායකයකු විසින් පැය හයක කාලයක දී අසුවකට වැඩි කාන්තාවන් පිරිසක් සැත්කමට භාජනය කළ බවයි ගම්වැසියන් පවසන්නේ.

එසේවුවද රජයේ නීතිය අනුව දිනකට සිදුකළ යුතු වන්ධ්‍යකරණ සැත්කම් සංඛ්‍යාව තිස් පහකට සීමාකර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන්ශල්‍යවෛද්‍යවරයකු ඇතුළු දොස්තරවරුන් හතර දෙනෙකු ගේ සේවය අත් හිටුවා ඇති අතර පරීක්ෂණයක් පවත්වන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති බවයි වාර්තාවන්නේ.