හිමාචල් ප්‍රාන්තයේ බිලි පූජා තහනම්

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

සියවස් ගණනාවක් ඉපැරණි චාරිත්‍රයක් වන ආගමික උත්සව අතරතුර කෙරෙන සත්ව බිලි පූජා තහනම් කිරීමට ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්ත අධිකරණය නියෝග කරයි.

සතුන් එලෙස මරා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැදින් වූ අධිකරණය එලෙස බිලි දීමේ දී සතුන්ට වේදනා විදීමට සිදු වන බවයි කියා සිටියේ.

හින්දු කෝවිල් තුළ එළුවන් වැනි සතුන් මරා දැමීමේ සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් පසු පසට දිව යන්නක්.

බිලි පූජා වලට හසු වී සතුන් දහස් ගණනක් මිය යන බව අධිකරණයට ඉදිරි පත් වූ සාක්ෂි මගින් අනාවරණය විය.