'කොරියාවේ උතුරු-දකුණ එක් කරමු' - පාප් වහන්සේ

එක්දහස් නමසිය අසූ නමයෙන් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම වතාව මෙයයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්දහස් නමසිය අසූ නමයෙන් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම වතාව මෙයයි
Published

දකුණු කොරියාවේ සංචාරයක නියුතු ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් සිදු කෙරුණු විශේෂ දේව මෙහෙයකට මිලියනයක බැතිමතුන් පිරිසක් සහභාගී වුහ.

දශක දෙකකට පෙර ආගම ඇදහීමේ වරදට මරා දැමුණු කොරියානුවන් එකසිය විසි හතර දෙනා සැමරීම සඳහායි මෙම විශේෂ දේව මෙහෙය පවත්වනු ලැබුවේ.

වරද කරුවන් බවට නම් කළ එම කතෝලික බැතිමතුන් පිරිස ප්‍රසිද්ධියේ මරා දැමීම සඳහා පෙරහරින් රැගෙන ආ සෝල් නුවර ප්‍රධාන මාවතේ ඇති ග්වන්ගවමුන් ප්ලාසා හි දී ය එම දේව මෙහෙය පැවැත්වුයේ.

එක්දහස් නමසිය අසූ නමයෙන් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම වතාව මෙය වන අතර උතුරු කොරියාවත් සමග එක්වීම පතා යාඥා කරන ලෙස උන් වහන්සේ දකුණු කොරියානු තරුණයන් සහභාගී වූ රැළියක දී ඉල්ලා සිටියහ.