ජපානයට තර්ජනය කරන නාගුරි

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
‘නාගුරි’ නමින් හැදින්වෙන සුළි කුනාටුව නිසා ජපානයේ දකුණු දිග දූපත්වාසී ලක්ෂ පහකට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් ජපාන බලධාරීහු බල කර සිටිති.
ධාරානිපාත වර්ෂා සහිත සුළං, පැයට කිලෝමීටර දෙසීයක පමණ වේගයෙන් ඔකිනාවා දූපත්වල හමා යමින් තිබෙන බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty
එම ප්‍රදේශය අවට මීටර හතළිහක පමණ උසින් යුතු දිය රැළි ඇති විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවා සිටියි.
මේ වන විට සුළි සුළං තත්වය පහව යමින් තිබෙන බවයි ටෝකියෝ නුවර බීබීසී වාර්තාකරු පවසන්නේ.
නමුත් වේගයෙන් හැලෙන මහ වැසි නිසා ක්ෂණික ජල ගැලීම් සහ නායයාම් ඇති වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දූපත් අවට ගුවන් සහ මුහුදු ගමන් අවලංගු කර ඇති අතර ප්‍රදේශයේ නිවාස ලක්ෂ ගණනක විදුලිය විසන්ධි වී තිබේ.
























