ඇපල් තාක්ෂණය කොපි කළාට දඩ

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
ඇපල් සමාගමට හිමිකම් ඇති තාක්ෂණ කොපි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන එකසිය විස්සක අලාභයක් ඇපල් සමාගමට ගෙවන ලෙස කැලිෆෝනියාවේ ජූරියක් විසින් ස්මාර්ට් ෆෝන් නිෂ්පාදක සමාගමක් වන සැම්සුන් වෙත නියෝග කර තිබේ.
එහෙත් සැම්සුන් නිෂ්පාදන වල එම තාක්ෂණයන් යොදා ගැනීම සහමුලින් තහනම් කරවා ගැනීමට ඇපල් සමාගම අපොහොසත් වී ඇත.
තමන්ගේ තාක්ෂණික අදහස් සොරකම් කරන්නේ යැයි ලෝකය පුරා ඇති මෙම සමාගම් එකිනෙකාට චෝදනා කර ගනිමින් නීතිමය අරගලයක යෙදී සිටියද මෙවර ගෙවීම හානිය සඳහා සිදුවූ විශාලතම දඩ මුදල් ගෙවීම් වලින් එකක් බවයි පැවසෙන්නේ.
තමන්ගේ "slide to unlock" තාක්ෂණය සැම්සුන් විසින් කොපි කර ඇති බවයි ඇපල් සමාගම පවසන්නේ























