වැලිවේරිය 'පලිගැනීම පටන් අරන්'

රතුපස්වල ගම්වැසියෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, රතුපස්වල ගම්වැසියෝ
Published

රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දැමීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අයගෙන් පලි ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව ප්‍රදේශ වාසීහු පවසති.

සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මේ බව සංදේශයට කියා සිටියේ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වැසීමට පෙරමුණ ගත් ගම්වැසියකු පහර කෑමට ලක් වීම පිළිබඳ අදහස් දක්වමින්.

පහර කෑමට ලක් වී රෝහල් ගත කළ ගෝවින්නගේ කුමාරදාස, සියනෑ ඒකාබද්ධ පරිසර සංවිධානයේ මාධ්‍ය ලේකම් වරයායි.

හේලීස් සමූහ ව්‍යාපාරය යටතේ පවත්නා වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියේ මෙහෙයවීමෙන් ප්‍රහාරය එල්ල කරුණු බවයි රෝහල් ගතව සිටින ප්‍රාදේශීය පරිසරවේදියා බීබීසීයට පැවසුවේ.

රතුපස්වල ගම්වාසීහූ වෙනිග්රෝස් කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී මෙම පහර දීමට විරෝධය පළ කළහ.