ඉන්දීය පාලිත කාශ්මීරයේ ඇඳිරි නීතිය

තමන්ට එරෙහි චෝදනා මොහමඩ් අෆ්සාල් ප්‍රතික්ෂේප කළේය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ට එරෙහි චෝදනා මොහමඩ් අෆ්සාල් ප්‍රතික්ෂේප කළේය
Published

ඉන්දීය පාලිත කාශ්මීර බලධාරීහු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළහ.

ප්‍රාදේශීය බෙදුම්වාදී නායකයකු එල්ලා මරා දැමීමේ පළමු සංවත්සරය සැමරීම් වස් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ වැළැක්වීම ඇඳිරි නීතිය පැනවීමේ අරමුණයි.

ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ශ්‍රීනගර්හි සියලු කඩ සාප්පු වසා දමා තිබිණ.

සංවත්සරය සැමරීම් වස් ප්‍රාන්තය පුරා වැඩ වර්ජනයක යෙදෙන මෙන්ද විවිධ බෙදුම්වාදී කණ්ඩායම් සේවකයන්ගෙන් ඉල්ලීම් කොට තිබේ.

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අෆ්සාල් ගුරු, පසුගිය වසරේ ජනවාරි 9 වැනි දින එල්ලා මරා දැමිණ.

මොහමඩ් අෆ්සාල් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහුට එරෙහිව සාධාරණ නඩු විභාගයක් නොපැවුත්වුන බව ඇතැම් මානව හිමිකම් සංවිධාන පැවසූහ.