ලිංගික අතවර චෝදනා මත තෙහෙල්කා කර්තෘ රිමාන්ඩ්

තරුන් ටේජ්පල් තමන්ට එරෙහි චෝදනාව ප්‍රතික්ෂේප කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, තරුන් ටේජ්පල් තමන්ට එරෙහි චෝදනාව ප්‍රතික්ෂේප කරයි
Published

සහෝදර මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ඉන්දියාවේ ප්‍රධානම පෙළේ ගවේෂණාත්මක සඟරාවක සංස්කාරකවරයා දින හයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.

තෙහෙල්කා සඟරාවේ සංස්කාරක තරුන් තේජ්පල් විසින් ඉරිපත් කොට තිබුණ ඇප අයදුම්පත ගෝව නගරයේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි, සෙනසුරාදා රාත්‍රියේ ඔහු අත් අඩංගුවට ගැනුණේ.

චෝදනාව ප්‍රතික්ෂේප කරන තරුන් තේජ්පල් පවසන්නේ, පැමිණිලිකාර මාධ්‍යවේදිනිය සමඟ තමන් ලිංගිකව එක් වූයේ ඇයගේ කැමැත්තෙන් බවයි.

හාම්පුතුන් සහ සහෝදර සේවකයන් විසින් රැකියාවල නිරත වන ඉන්දීය කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික අතවරයන්ට ලක් කරන බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ, කෙසේ නමුත් සිය රැකියාව අහිමි වනු ඇතැයි බියෙන් බොහෝ අවස්ථාවල ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් වලකින බවද පවසති.