ඉරාකයේ බෝම්බ ප්‍රහාර මාලාවක්

Bomb attacks in Iraq
ඡායාරූප ශීර්ෂ වැකිය, ෂියා වරුන්ගේ පල්ලිවලට, කිර්කුක් හි ගව වෙළඳ පලකට සහ ටුස් කුමන්ටෝ නගරය ප්‍රහාර එල්ල වූ ස්ථාන
Published

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් විසි දෙනකුවත් මිය ගොස් තිබේ.

හිලා නගරයේ ෂියා වරුන්ගේ පල්ලිවලට, කිර්කුක් හි ගව වෙළඳ පලකට සහ ටුස් කුමන්ටෝ නගරය මෙම ප්‍රහාර එල්ල වූ ස්ථාන අතර වේ.

මේ අතර වාරයේ සුන්නි බෝම්බ ප්‍රහාරකයෙක් හමුදා මුර සංචාරයකට පහර දුන් අවස්ථාවේදී හතර දෙනෙක් මිය ගොස් තිබේ.

මීට දින කීපයකට පෙර එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් අවම වශයෙන් හැත්තෑ දෙනෙක් පමණ මිය ගිය අතර මෙයින් වැඩි දෙනා ෂියා මුස්ලිම්වරුන්.