උතුරු - දකුණු කොරියා ඍජු සන්නිවේදන සම්බන්ධතාවක් නතර කෙරේ

Published
උතුරු කොරියාව, දකුණු කොරියාව සමග ඇතිකරගෙන තිබු ඍජු සන්නිවේදන සම්බන්දතාවක් නතර කරයි.
දෙරට ඒකාබද්ධව පවත්වා ගෙන යන කර්මාන්ත සංකීර්ණයක් මෙම සන්නිවේදන මාර්ගය හරහා සම්බන්ධ කොට තිබිණ.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් වෙන දේශ සීමාවේ යුද මුක්ත කලාපයේ මෙම කර්මාන්ත සංකීර්ණය පිහිටා තිබේ.
පැසිෆික් කලාපයේ ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය වුවහොත් එසේ කිරීමට හැකිවෙන අයුරින් දුර විහිදුම් මිසයිල ප්‍රහාරක සුදානම් කරන බව උතුරු කොරියාව ඊයේ නිවේදනය කෙරිණ.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියේ උතුරු කොරියාව ආරක්ෂක අවදානමක් ඇතිකොට අනෙක් පාර්ශවයන් අසීරු තත්වන්ට පත් කිරීම පුරුද්දක් කරගෙන ඇති බවයි.























