දියෙහි සැඟවුණ දියයට විවාහ යෝජනාවක්

An American man has drowned
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙබර් සහ ඇන්ටොයින්
Published

ටැන්සානියාවේ නිවාඩුවක් ගත කරමින් සිටි ඇමරිකානු පෙම්වතෙක් දියෙහි කිමිදෙමින් තම පෙම්වතියට සිය විවාහ යෝජනාව කරමින් සිටියදී දියේ ගිලී මරණයට විය.

ස්ටීවන් වෙබර් නම් එම ඇමෙරිකානු පෙම්වතා එම ඉරණමට මුහුණ දුන්නේ, සිය පෙම්වතිය වූ කෙන්ෂා ඇන්ටොයින් සමඟ ටැන්සානියාවේ 'පෙම්බා' දූපතට ඔබ්බෙන් පිහිටි 'මැන්ටා රිසෝට්' හි දිය යට ඉදිකර ඇති තිබූ හෝටල් කාමරයක නිවාඩුව ගත කරමින් සිටියදීය.

වෙබර් දියෙහි කිමිදෙමින් තමන් හා විවාහ වන ලෙස සිය පෙම්වතියට යෝජනා කරන ආකාරය ලැබී ඇති ඡායාරූප දර්ශන වල දැක්වෙයි.

අනතුරුව වෙබර් කාමරයේ කවුළුවට පිටතින් පැමිණ , තම අත් අකුරින් ලියූ විවාහ යෝජනාව ඉදිරිපත් කරන ආකාරය එබී ඇන්ටොයින් සිය කාමරය තුළ සිට රූ ගත කර තිබිණ.

ඇන්ටොයින් තම පෙම්වතාගේ මරණය ෆේස් බුක් සටහනක් තබමින් තහවුරු කර තිබුණේ "ඔහු යළිත් දිය පත්ලෙන් මතුපිටට ආවේ නැහැ" යනුවෙන් ලියා තබමිනි.

An American man has drowned

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් වෙබර් ඔහු රැඳී සිටි "දිය යට පිහිටි හෝටල් කාමරයෙන් පිටත දියෙහි තනිවම කිමිදෙමින් සිටියදී ඛේදජනක ලෙස ගිලී මරණයට පත් වු " බව මාන්ටා නිවාඩු නිකේතනය විසින් බීබීසීයට තහවුරු කරනු ලැබුණි.

"2019 සැප්තැම්බර් 19 වන බ්‍රහස්පතින්දා ද මැන්ටා රිසෝට් හි මාරාන්තික අනතුරක් සිදුවූ බව අප දන්වා සිටින්නේ දැඩි කණගාටුවෙනි" යනුවෙන් නිවාඩු නිකේතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

An American man has drowned

වෙබර් සහ ඇන්ටොයින් වෙරළේ සිට මීටර 250 ක් (අඩි 820) පමණ දුරින් පිහිටි මෙම නිවාඩු නිකේතනයේ දිය යට කාමරයක රාත්‍රී හතරක් වෙන් කරවා ගෙන තිබුණි.

එක් රාත්‍රියකට ඩොලර් 1,700 ක් ක් වැය වන මෙම කාමරය මීටර් 10 (අඩි 32) ක් පමණ ගැඹුරු ජලයේ නැංගුරම් ලා ඇත.

ඔවුන් එහි නැවතී සිටි තුන්වන දිනයේ වෙබර් තම යෝජනාව පෙම්වතියට ඉදිරිපත් කිරීම සඳහා කාමරයෙන් පිටත දියට පිවිස ඇත.

An American man has drowned

පිහිනීමේදී භාවිත කරන ඇස් කණ්ණාඩි (goggles) සහ පා ආවරණ (flippers) පැළඳ කාමරයේ වීදුරු ජනේලයෙන් එපිට ජලයේ රැඳී සිටින වෙබර්, ඔහුගේ ලිඛිත විවාහ යෝජනාව පෙම්වතියට පෙන්වන ආකාරය එක් පින්තූරයක දැක්වෙයි.

"මට ඔබට තියන ආදරය ගැන හැමදේම කියන්න තරම් වෙලාවක් හුස්ම අල්ලාගෙන ඉන්න බෑ. නමුත් හැමදේම ඔබට තිබෙන ආදරය නිසා. හැම දිනකම මම ඔබට ගොඩක් ආදර කරමි" ඔහුගේ සටහනෙහි සඳහන් විය.

තමා එලෙස ලියූ කොළ කැබැල්ල පෙන්වීමට ප්‍රථම ඔහු තමන් ඇඳ සිටි කොට කලිසමෙන් විවාහ ගිවිස ගැනීමේ මුදුවක් ගෙන මුලින්ම එය පෙන්වන ආකාරයද එම වීඩියෝවේ පටිගත ව තිබී ඇත.

දියෙහි කිමිද සිටියදී තමන් ඇඳ සිටි කොට කලිසමෙන් විවාහ ගිවිස ගැනීමේ මුදුව ගැනීමට පෙර වෙබර් එම ලිඛිත යෝජනාව පෙන්වන ආකාරය එම වීඩියෝවේ පටිගතව ඇත.

ඇන්ටොයින් සිය ෆේස්බුක් සටහනේ තවදුරටත් සඳහන් කර ඇත්තේ වෙබර්ට ඔහුගේ විවාහ ගිවිස ගැනීමට කැමතිද යන යෝජනාව සම්බන්ධයෙන් "ඇගේ පිළිතුර කිසි විටෙකත් අසන්නට නොලැබුණු" බවය.

එමෙන්ම "දස ලක්ෂ වාරයක් - ඔව්" යනුවෙන් ඔහුට මගේ කැමැත්ත හිමිවනු ඇතැයි ද ඇය සඳහන් කර ඇත .

An American man has drowned

"අපේ ජීවිතයේ හොඳම දිනය නරකම තත්වයට පත්වීමත්, ඉරණම කුරිරු ලෙස වෙනස්වීමත් නිසා අපේ ජීවිතයේ ඉතිරි කාලය එකට වැලඳගෙන සැමරීමට අපට කවදාවත් නොහැකි විය." ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාවේදී තම පුරවැසියෙකුගේ මරණය පිළිබඳව සිය අවධානය යොමු වු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම "වෙබර් පවුල මුහුණ දුන් එම අවාසනාවන්ත තත්වය පිළිබඳව අපගේ අවංක ශෝකය ප්‍රකාශ කරමු" යයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබිණි.

කියවන්න