සියයක් කාන්තාවෝ: සතියකින් ලෝකය වෙනස් කිරීමට කාන්තාවන්ට පුලුවන්ද?

President Sirleaf, Peggy Whison and Steph Houghton
Published

බීබීසී යේ සම්මානලාභී වාර්ෂික විශේෂාංගය 'සියයක් කාන්තාවෝ, ලොවින් අඩක් ඔබ අමතයි' නව මුහුණුවරකින් මේ වසරේත් ඔබ වෙත ඉදිරිපත් කෙරේ.

කෙසේ නමුත් මේ වසරේ මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ නාසා ආයතනයේ ගගනගාමිනිය පෙගී විට්ස්ටන් (Peggy Whitson), ලයිබීරියාවේ ජනාධිපතිනිය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf) සහ එංගලන්තයේ පාපන්දු ක්‍රීඩිකාව ස්ටෙප් හූටන් (Steph Houghto) ඇතුළු කාන්තාවන් 60 දෙනෙකු පමණි.

අනෙක් කාන්තාවන් 40 දෙනා 'සියයක් කාන්තාවන්' අතරට එක්වන්නේ ලබන ඔක්තෝබර් මාසය තුළ ලොව පුරා රටවල් හතරක පැවැත්වෙන විශේෂ උත්සවවලදීය.

ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරෙන බීබීසී යේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන මේ වසරේ යොමු වන්නේ එම ගැටලුවලට විසඳුම් ලබාදීමට සමත් වූ කාන්තාවන් වෙනුවෙනි.

Jin Xing

රූපී කවුර් (Rupi Kaur) කිවිඳිනිය, ඇසිඩ් ප්‍රහාරයකින් දිවි බේරාගත් රෙශාම් ඛාන් (Resham Khan) සහ නර්තන ශිල්පිනියක හා රූපවාහිනී තාරුකාවක වන ජින් ෂින් (Jin Xing) ද මේ වසරේ 'සියයක් කාන්තාවන්ට' ඇතුළත් වෙති.

අනවරත හිරිහැර කිරීම්, අසමානත්වය, සමාජයේ නිසි තැන හිමි නොවීම කිසි ලෙසකින්වත් කාන්තාව දිරිමත් කරන්නක් හෝ ජව ගැන්වීමක් නොවේ.

එබැවින් සමාජයෙන් එල්ලවන අසාධාරණයනට එරෙහිව ක්‍රියා කිරීම පිණිස තමන්ගේම වූ විසඳුම් රැගත් නව නිර්මාණ ඉදිරිපත් කිරීමට කාන්තාව දිරිමත් කිරීම මේ වසරේ 'සියයක් කාන්තාවෝ' විශේෂාංගයේ අරමුණය.

තමන්ට හිමි ස්ථානය නොලැබීම, කාන්තාවන්ගේ අකුරු හැකියාව, මහමගදී සිදුවන ලිංගික හිරිහැර සහ ක්‍රීඩාවේ පුරුෂාධිපතිවාදය පස් වෙනි වරටත් දියත් කෙරෙන මේ වසරේ විශේෂාංගයේ අවධානයට ලක්වන ප්‍රධාන අංශ වේ.

line
100 Women Challenge logo
line

මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහනට ඇතුළත් ඇතැම් කාන්තාවෝ ලොව පුර රටවල් හතරකදී ඔක්තෝබර් මාසය පුරා කාන්තාවන් මුහුණ දෙන ඉහත කී ගැටළු හතරට විසඳුම් ලබාදීම පිණිස නව නිර්මාණ සොයා ගැනීමේ නිරත වෙති.

තවත් සමහරු ලොව පුරා තමන් වෙසෙන ස්ථානවල සිට ඔවුන්ගේ ඒ කාර්යයට දායක වෙති.

දැනට තෝරා ගන්නා ලද කාන්තාවන් 60 දෙනාට ඉතිරි 40 දෙනා තෝරා ගනු ලබන්නේ ඒ අතරවාරයේදීය.

San Francisco

මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන සාර්ථක වන්නේ නම් ඒ ලොව පුරා වෙසෙන කාන්තාවන්ගේ දායකත්වය හේතුවෙනි.

ඔවුන් තමන්ට දකින්නට ලැබුන වැදගත් අදහසක් බෙදා හදා ගැනීම හේතුවෙනි; නො එසේනම් ඔවුන් තමන්ගේම වූ නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි.

ගුවන් විදුලිය, සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලය ඔස්සේ ද 'සියයක් කාන්තාවෝ' වැඩසටහන ප්‍රචාරය කෙරේ.

Old Delhi

සැන් ෆ්රන්සිස්කෝ, දිල්ලි, ලන්ඩන් සහ රියෝ ද ජැනෙයිරෝ නගරවල සිට ඔක්තෝබර් මාසයේ සතියකට වතාවක් ඉහත කී අංශ අතර පිළිබඳ වැඩසටහන් දියත්වනු ඇත.

"2015 දී, රටවල් 30 ක කාන්තාවන් භාෂා දහයකින් විවාද 150 ක් දියත් කළ," බව පවසන සියයක් කාන්තාවෝ වැඩසටහනේ සංස්කාරිකා ෆියෝනා ක්‍රැක් 2016 දී එමගින් කාන්තාවන් 450 ක් විකීපීඩියාවට එක් කළ බව පෙන්වා දෙයි.

"මේ වසරේ අපි එය තවත් අලුත් තලයක් වෙත ලඟා කරන්නෙමු."

Rio de Janeiro

'සියයක් කාන්තාවෝ' වැඩසටහන ආරම්භයේදී ඔබ දිරිමත් කිරීමට: කාන්තාවන්ගේ අලුත් සොයා ගැනීම් බව ඔබ මෙතෙක් විශ්වාස නොකළ දෑ නවයක්.

සහ ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට ඇතැමුන් දැනටමත් යෝජනා කර තිබෙන විසඳුම්, මේ පිටුවෙන් විමසා බලන්න.