'Nokia 3310' යළි වෙළඳපොළට?

'නොකියා' 3310
ඡායාරූප ශීර්ෂ වැකිය, 2000 වසර ආරම්භයේ වෙළඳපොළට පැමිණි 3310 මාදිලිය පාරිභෝගිකයන් අතර විශ්වාසය දිනාගත් දුරකතනයක් ලෙස සැලකේ.
Published

ජංගම දුරකතන පාවිච්චි කරන්නන් අතර නමක් දිනා සිටි 3310 දුරකතන මාදිලිය යළි වෙළඳපොළට ඉදිරිපත් කිරීමට 'නොකියා' (Nokia) සමාගම සැලසුම් කරමින් ඇතිබවට වාර්තා වෙයි.

තම පළමු ජංගම දුරකතනය වශයෙන් 'නොකියා 3310' දුරකතනය මිලදී ගත් හෝ ඊට ඇලුම් කළ බොහෝ දෙනෙක් එම පුවතත් සමඟ දැඩි ප්‍රබෝධයට පත් වී සිටිති.

ඔරොත්තු දීම අතින් 3310 මාදිලිය සුරක්ෂිත දුරකතනයක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබති.

Grey line
Grey line

කෙසේ නමුත් 2000 වසරේ නිෂ්පාදනය කෙරුණු 3310 දුරකතනය නැවතත් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කිරීම 'නොකියා' සමාගම ප්‍රතික්ෂේප කරයි.

'නොකියා' සමාගමේ නිෂ්පාදනය කෙරුණු සෙසු දුරකතන මාදිලි
ඡායාරූප ශීර්ෂ වැකිය, 'නොකියා' සමාගමේ නිෂ්පාදනය කෙරුණු සෙසු දුරකතන මාදිලි

'ඇනරොයිඩ්' සහ 'අයි ෆොන්'වැනි සාපේක්ෂ වශයෙන් සංකීර්ණ දුරකතන භාවිත කිරීමට ඇල්මක් නොදක්වන වැඩිහිටි ප්‍රජාව අතරට 3310 දුරකතනය නැවත ගෙන යා හැකි බවට ප්‍රවීණයෝ විශ්වාසය පළ කරති.

ස්මාර්ට් දුරකතනවල බැටරි බලය රඳා පවතින කාලය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මැසිවිලි නගන අතර 'නොකියා 3310' දුරකතනය කෙරෙහි පාරිභෝගික අවධානය යොමුවීමට එය ප්‍රධාන හේතුවක් විය හැක.