ඇමරිකානු පොලිස් තුවක්කුවට තවත් කළු ජාතිකයන් දෙදෙනෙක්

US

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීම සිදුවී මොහොතකට පසු පොලිස් නිලධාරියාගේ ගිනි අවිය රැඳී දෑත තිබූ ආකාරය වීඩියෝවේ පැහැදිලිව දිස්වේ
Published

ඇමරිකාවේදී එලි දැක්වී ඇති නවතම වීඩියෝවකට අනුව පැය 48 ක් ඇතුළත දෙවන වරටත් සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතිකයෙකු මියගොස් තිබේ.

වාර්තාවන ආකාරයට පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයා මිනිඇපොලිස් නගරයේ දී පොලීසිය විසින් නවතා ඇත්තේ ඔහුගේ වාහනයේ බිඳී ගිය ලාම්පුවක් දැකීමෙන්.

පොලිස් නිලධාරියා ගිනි අවියක් මානා ගෙන සිටින අතර පිලන්දෝ ලේ වගුරුවමින් වැටී සිටින අයුරු මගී ආසනයේ සිටි ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝ ගත කර තිබේ.

US

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය තම පියා වෙනුවෙන් වැලපෙන ඇල්ටන් ස්ටර්ලින් ගේ පුතු සැනසීමට උත්සාහ කරන මිතුරන්

මේ අතර සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඇල්ටන් ස්ටර්ලින් නම් තවත් කළු ජාතිකයෙකු ලුසියානා ප්‍රන්තයේ බැටන් රෝග් හි වෙළඳසැලක් අසලදී වෙඩිතබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ පරීක්ෂණ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට පෙර ආරම්භ කර තිබුණි.

එම වීඩියෝවට අනුව පොලීසිය විසින් ඇල්ටන් බිමට පහත්කොට අල්ලාගෙන සිටිද්දීය සමීපයේ සිට වෙඩි තබා ඇත්තේ.

එම ඝාතනයෙන් පසු සියගණනක් පිරිස් වෙළඳසැල අසලට රැස්ව විරෝධතා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.