ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 'එකොළහක් මරුට'

ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 'එකොළහක් මරුට'
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 'එකොළහක් මරුට'
Published

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ගෑස් කර්මාන්ත ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.

ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් එකොළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසලදී මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී ඇති අතර එහි සිටි ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් අතර ගැටුමක් ඇති වී ඇති බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රහාරකයන් විසින් ගෑස් ටැංකි තුනකට හානි සිදු කරනු ලැබ තිබේ.