'මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත් කර ගන්නවා' - ජනපති

Published

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසු සිය අනාගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අට වන බ්‍රහස්පතින්දා හම්බන්තොටදී සිය ඡන්දය ප්‍රකාශ කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන හත්වන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර තරග වදින්නේ තුන්වන වරටත් ජන වරමක් බලාපොරොත්තුවෙන්.

මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් හැඳුනුම් පත භාවිතා කිරීම සාමාන්‍ය ජනතාවට මෙන්ම ජනාධිපතිවරයා වන තමන්ටත් සමාන නීතිය වන බවයි.