ජනවාරි 8 අති විශිෂ්ට ජයග්‍රහණයක් - ජනාධිපති
Published
ජනවාරි 8 වැනිදා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
වසර 45 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට ඒ බව ප්‍රකාශ කළ හැකි බවයි කැස්බෑවේ පැවති සිය අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
විපක්ෂයේ කිසිවකුට කරදරයක් නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මැතිවරණය පැවැත්වීමට එක්වන ලෙස තම ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.