මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මග්ගොන, පයාගල ප්‍රදේශයේදී ප්‍රීති උත්සව පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එරෙහිව සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන චමිල රණසිංහ කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලට මාරුකොට යවා තිබේ.
අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බවත් වාර්තාවේ.
රතිඤඤා පත්තු කරමින් සිටි විපක්ෂ ආධාරකරුවන් දෙසට මෝටර් රථයකින් පැමිණි හඳුනා නොගත් කණ්ඩායමක් වෙඩි තබා පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි























