බහුතරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ - වාසු

Published

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද අඩුවීමක් දකින්නට ලැබුනත් අධික ජීවන දුෂ්කරතා තිබියදීත් බහුතරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දී ඇතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

සුළු ජන කොටස්වල ඡන්ද වලිනුත් යම් ප්‍රමාණයක් අඩුවී ඇති බව සඳහන් කරන ඇමතිවරයා වැවිලිකරයේ ඡන්ද, සියයට පනහ බැගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර බෙදී ගොස් ඇති බවයි පවසන්නේ.