මැතිවරණයෙන් පසු බදුල්ල සාමකාමියි

හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි අනුර විදානගමගේ ජයග්‍රහණය සමරා ඇත්තේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි අනුර විදානගමගේ ජයග්‍රහණය සමරා ඇත්තේ.
Published

ඌව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව බදුල්ල ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ ඔවුන්ගේ ආධාරකරුවන් සමඟ එකට එක් වී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අතර එහිදී දෙදෙනා එකිනෙකා වැළඳ ගෙන සුබ පැතුම් හුවමාරු කර ගෙන තිබේ.

මඳ වේලාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල රැඳී සිටි හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි ආණ්ඩු පක්ෂයේ අනුර විදානගමගේ ඇතුළු පිරිස ජයග්‍රහණය සමරා ඇත්තේ.

බදුල්ල සහ පස්සර ප්‍රදේශයේ මැතිවරණයක් පැවති සේයාවකුදු දැක ගන්නට නොමැති බවයි එම ප්‍රදේශවල සංචාරය කළ ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න බීබීසීයට කියා සිටියේ.