‘සැකකරුවන් අතර නගරාධිපති නැහැ’

Published
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වෙමින් සිටියදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවත් හම්බන්තොට නගරාධිපති එරාජ් කාවින්ද ප්‍රනාන්දු ඔවුන් අතර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
වීඩියෝ සාක්‍ෂි
ඒ සම්බන්ධයෙන් බීබීසීය කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අදිකාරී අජිත් රෝහණ සඳහන් කළේ, පහර දීම සිදු වූ අවස්ථාවේ පටිගත කරන ලද වීඩියෝ පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ සැක කරුවන් අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රහාරය පිළිබඳව පිරික්සන පොලිස් කණ්ඩායම තවදුරටත් විමර්ශන කටයුතු වල නියැලෙමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
























