මත්තල ගිය එජාප මන්ත්‍රීන්ට කුණු බිත්තර
Published
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල නිරීක්ෂණය කිරීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමට ආණ්ඩුවේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
හම්බන්තොට වරායෙන් පිටතට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලැබූ නොහික්මුණු පිරිසක් කුණු බිත්තර සහ පොලු වලින් පහර දුන් බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ.