ගෝපිගේ සගයෙක් බවට සැක පිට අත්අඩංගුවට

ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන

ඡායාරූප මූලාශ්‍රය, sri lanka police

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන
Published

හමුදා වෙඩි පහරින් මරණයට පත් වූ ගෝපිගේ සමීප හිතවතෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු යාපනයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ගෝපි මරණයට පත් වීමට පෙර මොහු සමඟ සබඳතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මෙම පුද්ගලයා එල්ටීටීඊ සාමාජිකයෙකු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය දා වවුනියාවේ දී ඇති වූ ගැටුමකින් මරණයට පත් වූ ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.