තිලකරත්න ඩිල්ෂාන්ට දඩ

ගාස්තුවෙන් සියයට විස්සක මුදලක් දඩ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාස්තුවෙන් සියයට විස්සක මුදලක් දඩ
Published

නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර සඳුදා පැවති ක්‍රිකට් තරඟයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝනය කල බවට චෝදනා කරමින් තිලකරත්න ඩිල්ෂාන්ට දඬුවම් පමුණුවා තිබේ.

තරඟයට සහභාගී වීම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන්ට ගෙවීමට නියමිත ගාස්තුවෙන් සියයට විස්සක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දීමට උත්සහ කරද්දී, පන්දුව ඔහුගේ අත් ආවරණයේ වැදී කඩුලු රකින ක්‍රීඩකයා ඉතාමත් පහසු උඩ පන්දුවක් ලෙසින් රැකගත් අතර, එම අවස්ථාවේදී පන්දුව තම වැලමිටේ වැදුණු බවට ඩිල්ෂාන් විසින් විනිසුරුවරයාට සංඥා කිරීමේ සිද්ධිය මුල් කර ගෙන ඔහුට මෙම දඬුවම ලබා දී ඇති බවයි සිලෝන් ටුඩේ පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු කියා සිටියේ.