සංගා සහ අජන්ත ඉන්දියාව පරාජය කරති

ඡායාරූප මූලාශ්‍රය, PTI
Published
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ශූරතාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ෆාතුල්ලා හි පැවති තරඟයේදී ඉන්දියාවට තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක ජයක් අත් කර ගත්තේය.
හිටපු නායක කුමාර් සංගක්කාර ශතකයක් රැස් කිරීමත් අජන්ත මෙන්ඩිස් කඩුලු හතරක් දවා ගැනීමත් ශූරතාවලියේ සිවු වැනි තරඟයේ කැපී පෙනුන සිදුවීම්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 64ක් රැස් කිරීමත් විශේෂත්වයක්.
අඟහරුවාදා පැවති ආසියානු කුසලානයේ පළමු තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කරමින් ජයග්‍රහණය අත් කර ගත්තේය.























