ලොව වේගවත්ම එක් දින ශතකය නවසීලන්ත පිලෙන්

Published
එක් දින ජාත්‍යන්තර තරඟයකදී වේගවත්ම ශතකය වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායමේ කොරී ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහි කළේය.
ක්වීන්ස්ටවුන් හිදී බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවැත්වුන තරඟයේදී පන්දු තිස් හයකින් ශතකයක් රැස් කරමිනුයි ඔහු එම වාර්තාව බිහි කළේ.
මීට කලින් එම වාර්තාව පිහිටුවා තිබුනේ පන්දු තිස් හතකින් ශතකය රැස් කළ පකිස්තාන කණ්ඩායමේ ෂහීඩ් අෆ්රිඩි විසින්. ඒ 1996 දී.
නවසීලන්ත ඉනිම අවසාන වන විට කොරී ඇන්ඩර්සන් නොදැවී ලකුණු 131 ක් රැස් කර ගෙන සිටියේය.
හයේ පහර දාහතරක් සහ හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුලත්.






















