සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

ක්‍රිකට්
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය
Published

ඉරිදා (ජුනි 02) ගාල්ලේ පැවති දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඕවර 33 පන්දු 04 ක් තුළ කඩුලු සියල්ල දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 155 ට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර ලක්ෂාන් සඳකැන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 04 කි.

ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30 පන්දු 01 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය.

වනිඳු හසරංග
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් විය

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය.

වෛරස් උණ රෝගයක් වැළඳී සිටි බව කී ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් ද අද තරගයේ ක්‍රීඩා කළහ.