මහේල හා සංගාගේ රූ ලෝඩ්ස් පිටියේ

කුමාර් සංගක්කාර සහ සිතුවම් ශිල්පී ඇන්තනි විලියම්ස්
ඡායාරූප ශීර්ෂ වැකිය, කුමාර් සංගක්කාර සහ සිතුවම් ශිල්පී ඇන්තනි විලියම්ස්
Published

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ආලේඛ්‍ය සිතුවම් දෙකක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය තුළ හෙට (මැයි 18) විවෘත වීමට නියමිතය.

මිඩ්ල්සෙක්ස් සහ සරේ ක්‍රිකට් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිත ප්‍රාන්ත ශූරතා තරගයේ ආරම්භක දිනයේදී එම සිතුවම් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන බව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැළකෙන එම්සීසී ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පරිපාලනය පවසයි.

සිය රුව සහිත සිතුවම පසුකරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත කුමාර් සංගක්කාර ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත.

line
line

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රුව සිතුවමට නගා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්තනි විලියම්ස්ය.

සංගක්කාරගේ ප්‍රතිචාරය

www.lords.org
www.lords.org

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දැවැන්තයන් දෙපළකගේ රුව සහිත සිතුවම් විවියන් රිචඩ්ස් සහ ග්ලෙන් මැක්ග්‍රා ගේ රුව සහිත සිතුවම් අතරට එක් වේ.

"එම්සීසී ක්‍රිකට් සමාජය විසින් සිතුවමක් සඳහා ආරාධනා කරන ලද මොහොතේ මට නිහතමානී සතුටක් දැනුණා. ලෝඩ්ස් පිටියේ සිතුවම් අතරට මගේ රුව එක්වීම විශාල ගෞරවයක් ලෙස සළකනවා" යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසූ බව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.