ගාසා තීරයේ සුන්බුන්වලින් ගඩොල් නිපදවා සම්මානයක් දිනූ සහෝදරියෝ
ගාසා තීරයේ සුන්බුන්වලින් ගඩොල් නිපදවා සම්මානයක් දිනූ සහෝදරියෝ
Published
ගාසා තීරයේ වෙසෙන 17 හැවිරිදි ටාලා මූසා සහ ඇගේ 15 හැවිරිදි සහෝදරිය වන ෆාරා, ලොව විශාලතම තරුණ පාරිසරික තරගාවලියක් වන Earth Prize 2026 සම්මාන උළෙලේ මැදපෙරදිග කලාපීය ජයග්‍රාහිකාවන්ලෙ ස තේරී පත්වී ඇත.
ගාසාහි සුන්බුන් නැවත භාවිත කළ හැකි ගඩොල් බවට පත් කිරීමේ ඔවුන්ගේ 'Build Hope - Palestine' ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන් මෙම ඇගයීමට ලක් විය. සුන්බුන් කුඩු කර හලා ගැනීමෙන් පසු මැටි සහ අළු වැනි ද්‍රව්‍ය සමග මිශ්‍ර කර, අච්චුවලට දමා වියළා ගැනීමෙන් මෙම ගඩොල් නිපදවීම සිදු කෙරේ.



