IPL 2027: මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉවතට; දෙදෙනෙක් පමණක් රඳවා ගැනෙති

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවාගන්නා සහ ඉවත් කරන ක්‍රීඩකයින් පිළිබඳ අවසන් ලේඛනය අඟහරුවාදා (නොවැ: 17) නිකුත් කෙරිණි.

එහිදී, මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් ඉවත් කර තිබේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්‍රාම ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

චෙන්නායි සුපර් කිංග්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: රුතුරාජ් ගයික්වාඩ්, සංජු සැම්සන්, ආයුෂ් මාත්රේ, උර්විල් පටෙල්, ඩිවෝල්ඩ් බ්‍රෙවිස්, ලියම් ලිවිංස්ටන්, ජැක් එඩ්වර්ඩ්ස්, අකීල් හොසේන්, නූර් අහ්මඩ්, කාර්තික් ශර්මා, ශිවම් ඩුබේ, ගුර්ජප්නීත් සිං, අන්ෂුල් කාම්බෝජ්, සර්ෆරාස් ඛාන්, ජැමී ඔවර්ටන්, මුකේෂ් චෞද්රි, රාහුල් චහාර්, රාමක්‍රිෂ්ණ ගෝෂ් සහ ශ්‍රේයස් ගෝපාල්.

ඉවත් කළ ක්‍රීඩකයින්: එම්.එස්. දෝනි (විශ්‍රාම ගැනීම නිසා ඉවත් කර තිබේ), ප්‍රශාන්ත් වීර්, ස්පෙන්සර් ජොන්සන්, අකාෂ් මද්වාල්, අමන් ඛාන්, ඩියන් ෆොරස්ටර්, කුල්දීප් යාදව්, මැක්නීල් නොරෝන්හා, මැට් හෙන්රි, මැතිව් ෂෝට් සහ සැක් ෆෝක්ස්.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 28.05

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 6 (විදෙස් ක්‍රීඩකයින් 02)

ලක්නව් සුපර් ජයන්ට්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: අබ්දුල් සමාද්, ඒඩ්න් මාක්රම්, අකාෂ් සිං, අක්ෂත් රඝුවන්ෂි, අර්ජුන් ටෙන්ඩුල්කර්, අර්ෂින් කුල්කර්නි, ආයුෂ් බදෝනි, දිග්වේෂ් රාති, ජොෂ් ඉන්ග්ලිස්, කුල්දීප් යාදව්, මයන්ක් යාදව්, මිචෙල් මාර්ෂ්, මොහ්සින් ඛාන්, මුකුල් චෞද්රි, නිකලස් පූරන්, ප්‍රින්ස් යාදව්, සෑම් කරන්, ශාබාස් අහ්මඩ්.

ඉවත් කළ ක්‍රීඩකයින්: අවේෂ් ඛාන්, මැතිව් බ්‍රීට්ස්කේ, වනිඳු හසරංග, ජෝර්ජ් ලින්ඩේ, ඇන්රික් නෝට්යේ, නාමන් තිවාරි, හිම්මාත් සිං.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 47.45

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 7 (විදෙස් ක්‍රීඩකයින් 03)

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (2026 ශූරතාව දිනූ කණ්ඩායම)

රඳවාගත් ක්‍රීඩකයින්: රජට් පටිදාර්, විරාට් කෝලි, ජිතේෂ් ශර්මා, භුවනේෂ්වර් කුමාර්, කෘනාල් පණ්ඩ්‍යා, ජොෂ් හේසල්වුඩ්, ෆිල් සෝල්ට්, ටිම් ඩේවිඩ්, රොමාරියෝ ෂෙෆර්ඩ්, දෙව්දත් පඩික්කල්, නුවන් තුෂාර, වෙන්කටේෂ් අයියර්, ජේකබ් ඩෆී, ජෝර්ඩන් කොක්ස්, රසික් දාර්, සුයාෂ් ශර්මා, විකී ඔස්ට්වල්, අභිනන්දන් සිං, කනිෂ්ක් චෞහාන්, යෂ් දයාල්.

ඉවත් කළ ක්‍රීඩකයින්: ජේකබ් බෙතෙල්, රිචඩ් ග්ලීසන්, මංගේෂ් යාදව්, විහාන් මල්හෝත්‍රා, සත්වික් දේස්වාල්, ස්වප්නිල් සිං.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 14.15

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 5 (විදෙස් ක්‍රීඩකයින් 01)

මුම්බායි ඉන්ඩියන්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: රෝහිත් ශර්මා, සූර්යකුමාර් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, තිලක් වර්මා, නාමන් ධීර්, අර්ෂ්දීප් සිං, කෝර්බින් බොෂ්, මිචෙල් සැන්ට්නර්, සර්ෆේන් රදර්ෆර්ඩ්, විල් ජැක්ස්, රයන් රිකල්ටන්, ක්වින්ටන් ඩි කොක්, ශාදුල් තකූර්, අශ්වානි කුමාර්, රාජ් අංගද් බාවා, රඝු ශර්මා.

ඉවත් කළ ක්‍රීඩකයින්: ට්‍රෙන්ට් බෝල්ට්, දීපක් චහාර්, ඒ.එම්. ගසන්ෆාර්, අථර්ව අන්කොලේකර්, කේෂව් මහරාජ්, මොහොමඩ් ඉෂාර්, ඩැනිෂ් මලේවාර්, මයන්ක් මාර්කාන්ඩේ, මයන්ක් රාවත්, ක්‍රිෂ් භගත්, මහීපාල් ලොම්රෝර්, රොබින් මින්ස්, රුචිත් අහීර්.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 32.06

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 9 (විදෙස් ක්‍රීඩකයින් 02)

සන්රයිසර්ස් හයිදරාබාද්

රඳවාගත් ක්‍රීඩකයින්: පැට් කමින්ස්, අභිෂේක් ශර්මා, ඉෂන් කිෂන්, හෙන්රික් ක්ලාසන්, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, බ්‍රයිඩන් කාර්ස්, සලීල් අරෝරා, අනිකේත් වර්මා, හර්ෂ් ඩුබේ, ස්මරන් රවිචන්ද්‍රන්, ප්‍රෆුල් හිංගේ, සාකිබ් හුසේන්, ශිවාං කුමාර්, ක්‍රේන්ස් ෆුලේත්‍රා, එෂාන් මාලිංග, ටී. නටරාජන්, නේතන් එලිස්, ඛලීල් අහ්මඩ්.

ඉවත් කළ ක්‍රීඩකයින්: ට්‍රැවිස් හෙඩ්, ජයදේව් උනඩ්කට්, ජෙරල්ඩ් කොට්සී, දිල්ෂාන් මධුශංක, ඩේවිඩ් පේන්, අමිත් කුමාර්, කමිඳු මෙන්ඩිස්, ඔන්කාර් ටර්මාලේ, ආර්.එස්. අම්බ්‍රිෂ්, ශිවම් මාවි.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 40.15

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 7 (විදෙස් ක්‍රීඩකයින් 03)

පන්ජාබ් කිංග්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: ශ්‍රේයාස් අයියර්, මාකස් ස්ටොයිනිස්, හර්දික් පාණ්ඩ්‍යා, මාකෝ ජැන්සන්, සශන්ක් සිං, ප්‍රභ්සිම්රන් සිං, ප්‍රියන්ෂ් ආර්යා, යුස්වේන්ද්‍ර චහාල්, අස්මතුල්ලා ඔමාර්සායි, විෂ්ණු විනෝද්, සේවියර් බාර්ට්ලට්, විජයකුමාර් වයිශාක්, යෂ් ඨකුර්, කූපර් කොනොලි, මුෂීර් ඛාන්, බෙන් ඩ්වාර්ෂුයිස්, හර්ප්‍රීත් බ්‍රාර්, සූර්යන්ෂ් ෂෙජ්, හර්නූර් සිං.

ඉවත් කළ ක්‍රීඩකයින්: නෙහාල් වධේරා, ලොකී ෆර්ගසන්, පයිලා අවිනාශ්, මිචෙල් ඕවන්, ප්‍රවීන් ඩුබේ, විශාල් නිෂාද්.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 18.6

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 6 (විදෙස් ක්‍රීඩකයින් 02)

රාජස්ථාන් රෝයල්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: අමන් රාඕ පෙරාලා, බ්‍රිජේෂ් ශර්මා, දසුන් ශානක, ධෘව් ජුරෙල්, ඩොනවන් ෆෙරෙයිරා, ජොෆ්රා ආචර්, ලුවාන්-ඩ්‍රේ ප්‍රිටෝරියස්, මනිමාරන් සිද්ධාර්ත්, මොහොමඩ් ෂාමි, නාන්ද්‍රේ බර්ගර්, රවී බිෂ්නෝයි, රවීන්ද්‍ර ජඩේජා, රියන් පරාග්, සන්දීප් ෂර්මා, ශුභම් ඩුබේ, සුශාන්ත් මිශ්‍රා, වෛභාව් සූර්යවංශි, යෂ් රාජ් පුංජා, යශස්වි ජයිස්වාල්.

ඉවත් කළ ක්‍රීඩකයින්: ඇඩම් මිල්නේ, එමන්ජෝත් චහාල්, කුල්දීප් සෙන්, ක්වේනා මෆාකා, රවී සිං, ෂිම්රන් හෙට්මයර්, තුෂාර් දේශ්පාන්ඩේ, විග්නේෂ් පුතූර්, යුද්වීර් සිං චාරක්.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 27.05

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 6 (විදෙස් ක්‍රීඩකයින් 03)

දිල්ලි කැපිටල්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: අශුතෝෂ් ශර්මා, මාධව් තිවාරි, විප්රාජ් නිගම්, ආකිබ් නබී, මුකේෂ් කුමාර්, ජීෂාන් අන්සාරි, අක්ෂාර් පටෙල්, ප්‍රිත්වි ෂෝ, ඩේවිඩ් මිලර්, රිෂාබ් පන්ත්, කේ.එල්. රාහුල්, සමීර් රිස්වි, කයිල් ජැමෙයිසන්, ත්‍රිපුරාණ විජය, ලුංගි එන්ගිඩි, ට්‍රිස්ටන් ස්ටබ්ස්.

ඉවත් කළ ක්‍රීඩකයින්: මිෂෙල් ස්ටාර්ක්, නිටිෂ් රනා, අභිෂේක් පොරෙල්, පැතුම් නිස්සංක, කරුන් නායර්, සාහිල් ෆරාක්, අජේ මණ්ඩල්, රෙහාන් අහ්මඩ්, දුෂ්මන්ත චමීර.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 35.09

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 9 (විදෙස් ක්‍රීඩකයින් 04)

ගුජරාට් ටයිටන්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: අනුජ් රාවත්, කගිසෝ රබාඩා, රාහුල් තෙවාටියා, අශෝක් ශර්මා, කුමාර් කුෂාග්‍ර, රෂීඩ් ඛාන්, ග්ලෙන් ෆිලිප්ස්, මනව් සුතර්, සායි සුදර්ශන්, ගුර්නූර් බ්‍රාර්, මොහොමඩ් සිරාජ්, ශුබ්මන් ගිල්, හර්ෂල් පටෙල්, අර්ෂාද් ඛාන්, ටොම් බැන්ටන්, ජේසන් හෝල්ඩර්, නිශාන්ත් සින්ධු, වොෂින්ටන් සුන්දර්, ජයන්ත් යාදව්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ජොස් බට්ලර්, ආර්. සායි කිෂෝර්.

ඉවත් කළ ක්‍රීඩකයින්: ෂාරුක් ඛාන්, ඉෂාන්ත් ෂර්මා, ලූක් වුඩ්, කුල්වන්ත් ඛෙජ්රෝලියා, කොනර් එස්ටර්හුයිසන්, ප්‍රිත්විරාජ් යාරා.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 8.75

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 3 (විදෙස් ක්‍රීඩකයින් 02)

කොල්කටා නයිට් රයිඩර්ස්

රඳවාගත් ක්‍රීඩකයින්: අනුකුල් රෝයි, ඇන්ග්ක්‍රිෂ් රඝුවන්ෂි, කැමරන් ග්‍රීන්, ෆින් ඇලන්, හර්ෂිත් රානා, කාර්තික් ත්‍යාගි, මනීෂ් පාණ්ඩේ, ප්‍රශාන්ත් සොලන්කි, රාමන්දීප් සිං, රින්කු සිං, රොව්මන් පවෙල්, සර්ථක් රන්ජන්, සෞරභ් ඩුබේ, සුනිල් නරයින්, ටිම් සයිෆර්ට්, වෛභව් අරෝරා, වරුන් චක්‍රවර්ති.

ඉවත් කළ ක්‍රීඩකයින්: අජින්ක්‍යා රහානේ (විශ්‍රාම ගැනීම නිසා), ආකාෂ් දීප්, බ්ලෙසින්ග් මුසරබානි, ඩක්ෂ් කම්රා, ලව්නිත් සිසෝදියා, මතීෂ පතිරණ, මුස්ටෆිසූර් රහ්මාන්, නව්දීප් සයිනි, රචින් රවීන්ද්‍ර, රාහුල් ත්‍රිපති, තේජස්වි සිං, උම්රාන් මලික්.

ඉතිරිව ඇති මුදල: ඉන්දීය රුපියල් කෝටි 41.65

වෙන්දෙසියේදී මිල දී ගත යුතු ක්‍රීඩකයින් ගණන: 8 (විදෙස් ක්‍රීඩකයින් 03)

ක්‍රීඩක වෙන්දේසිය

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වන දා ගෝආ නගරයේදී පැවැත්වීමට නියමිත ය.

එහිදී, කණ්ඩායම් 10 සඳහා විදෙස් ක්‍රීඩකයින් 25 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 66 දෙනෙකු සඳහා ලංසු තැබීම සිදු වනු ඇත.

ඒ සඳහා කණ්ඩායම් 10 වැය කිරීමට අපේක්ෂිත මුදල ඉන්දීය රුපියල් කෝටි 297.95කි.

අඟහරුවාදා පැවති රඳවා ගැනීම් වෙන්දේසියේදී (Mini Auction) විදෙස් ක්‍රීඩකයින් 55 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 184 දෙනෙකු කණ්ඩායම්වල නැවත රඳවා ගැනිණි.

ඔවුන් සඳහා වැය කළ සමස්ත මුදල ඉන්දීය රුපියල් කෝටි 1,002.05කි.