ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම: චූලා සහ කැරලයින්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහ තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ය.
චූලා වෙනුවට ඇපකාරිය
මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා ය.
ඇපකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් වික්‍රමසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාර චුල්පත්මේන්ද්‍රා මේ වන විට මිය ගොස් ඇති බවත්, ඇයගේ මරණ සහතිකය මෙතෙක් ලැබී නොමැති බවත් පැවසීය.
ඇයගේ මරණය පිළිබඳව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවට ඇපකාරිය තමන්ට දැනුම් දී තිබෙන බව ද නීතිඥවරයා පැවසීය.
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ය.
ඒ අනුව, විත්තිකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පැවසීය.
2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.
මෙම පැමිණිල්ලේ විත්තිකාරියන් ලෙස හිටපු ලෝක විවාහක රූ රැජිණක වූ කැරලයින් ජූරි සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ මේ වන විට මියගොස් සිටින චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ යන අය නම් කර තිබිණි.