ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගමින් ගමට ගොස් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයාගත් අප්සාරි
ගමින් ගමට ගොස් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් සොයාගත් අප්සාරි
Published
ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණි දක්ෂ ක්‍රීඩිකාවෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නියෝජනය කරති.
එම ප්‍රදේශවල නවක ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට හා 19 පහළ සංචිතයට හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිය ලෙස වසර 8කට ආසන්න කාලයක් කටයුතු කළ අප්සාරි තිලකරත්න දැඩි උත්සහයක නිරත වූවා ය.
කණ්ඩායම් ප්‍රයත්නයක් ලෙස, තමා ඇතුළු කණ්ඩායම දැරූ එම උත්සහය ගැන අප්සාරි බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාකකට එක්වෙමින් සිහිපත් කළා ය.
ඇය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ යි.