යුක්රේනය අවසන් ලෙනින් පිළිරුවත් ගලවයි

Published
යුක්රේනයේ ඉතිරිවී ඇති විශාලතම ලෙනින් පිළිරුව නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන සපොරිෂ්යා (Zaporizhya) හි දී ගලවා ඉවත් කරමින් තිබේ.
මීටර් විස්සක් උස මෙම ස්මාරකය ඉවත් කිරීම සඳහා දොඹකර යොදා ගනිමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ලෝකඩ ප්‍රතිමාව මිල දී ගැනීමට දැනටමත් ජර්මනියෙහි ගැනුම්කරුවන් සිටින බවයි යුක්රේන මාධ්‍ය පවසන්නේ.
දින දෙකක කාලයක් ගත වෙන මෙම පිළිරුව ඉවත් කිරීමේ මෙහෙයුම නැරඹීම සඳහා ජනතාව සුළු පිරිසක් රැස් වී සිටිති.
යුක්රේනයේ සෝවියට් ඉතිහාසය හා සම්බන්ධ සංකේත ඉවත් කිරීමේ නිල වැඩසටහනක අංගයක් ලෙසයි මෙලෙස ලෙනින් ගේ පිළිරූ ගලවා ඉවත්කිරීම සිදුකරනු ලබන්නේ.






















