දුම්රියේ නොගැටී බේරුණු පුද්ගලයෙක්

Published

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දුම්රිය මාර්ගයක් හරහා මගී වේදිකාව වෙත යෑමට උත්සාහ කළ පුද්ගලයකු දුම්රියේ නොගැටී දිවි බේරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරාවල (CCTV) සටහන් වී ඇත.

පෙබරවාරි 09 වන දින සිය ආරක්ෂක කැමරාවල පටිගත වී තිබූ ඉහත කී දර්ශන ප්‍රකාශයට පත් කොට ඇත්තේ 'වී ලයින්' නමැති මහජන මගී ප්‍රවාහන ආයතනය විසිනුයි.

වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ මගී ප්‍රවාහන ආයතනය දුම්රිය මාර්ග මත ඇවිද යෑමේ අවදානම පිළිබඳ අනතුරු හඟවා සිටියි.