මිදුණු විල් දිය මත රිය ගාල් කරන්නේ ප්‍රවේශමෙන්

Published

ඇමරිකාවේ විස්කොන්සින්හි වාර්ෂික ශීත සැණකෙළිය සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ ජලය මිදුණු විලක්.

එහෙත් පසුගියදා එසේ ගාල් කොට තිබූ රථවාහන හදිසියේම ජලයේ ගිලුනේ අයිස් බවට පත්ව තිබූ විල් ජලය අනපේක්ෂිත ලෙස දිය වී යෑම හේතුවෙන්.

සාමාන්‍යයෙන් ශීත සමයේ විලෙහි ජලය මිදී පවතින නමුත් එලෙස ඝන අයිස් බවට පත්ව තිබූ විල් ජලය මෙවර දිය වී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

අනතුරින් කිසිවකුත් තුවාල ලබා නොමැත.