මෙල්බර්න් නුවර ආසන්නයේ ලැව් ගිනි

Published

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ හට ගත් ලැව් ගිනි මැඩපැවැත්වීම වීම සඳහා ගිනි නිවන භටයෝ උත්සාහයක යෙදී සිටිති.

පවතින උෂ්ණාධික කාලගුණය සහ තද සුළං හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි පැතිර යමින් තිබේ.

ලැව් ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට අයත් ප්‍රදේශ දෙකක ප්‍රකාශයට පත් කොට ඇති දැඩි අනතුරුදායක තත්වය තවමත් එලෙසම ක්‍රියාත්මක වේ.