ගල් ගසා මරා දැමීමෙන් බේරුණ මාල දිවයින් ගැහැනිය

ගල් ගසා මරා දැමිය යුතු බවට ලබා දුන් තීන්දුව මානව හිමිකම් සංවිධානවල හා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් වී තිබිණ

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, ගල් ගසා මරා දැමිය යුතු බවට ලබා දුන් තීන්දුව මානව හිමිකම් සංවිධානවල හා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් වී තිබිණ
Published

අනාචාරයේ හැසිරී ඇති බවට වරදකරු වූ කාන්තාවකට ගල් ගසා මරා දැමිය යුතු බවට ලබා දුන් තීන්දුවක් මාල දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබුණි.

විවාහ නොවී දරුවකු බිහි කළ බව පැවසෙන කාන්තාවට මහේස්ත්‍රාත් අධිකරණයක් විසිනුයි පසුගිය ඉරිදා දඬුවම නියම කරනු ලැබ තිබුණේ.

මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව දීමේදී නියමිත නෛතික ක්‍රියා පටිපාටිය අනුගමනය කොට නොමැති බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙර ලබා දී තිබූ තීන්දුව අවලංගු කරන බවයි නිවේදනය කළේ.

විවාහයෙන් පිට ලිංගික සබඳතා පැවැත්වූ බවට වරදකරුවන් වූ පුද්ගලයන් තාඩන පීඩනවලට ලක් කොට මරා දමන ලෙස දී ඇති තීන්දු මාල දිවයිනෙන් මින් පෙරත් වාර්තා විය.

කාන්තාවට ගල් ගසා මරා දැමිය යුතු බවට දුන් තීන්දුව මානව හිමිකම් සංවිධානවල හා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් වී තිබිණ.